දේශීය ක්‍රිකට් තරගාවලි 3 ක් කල්යයි
මීළඟ තරග වාරය සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලි අද (13 වැනිදා) ආරම්භ කිරීමට නියමිතව තිබුණද, මේ වනවිට පවතින අධික වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් තරගාවලියේ ආරම්භය දින නියමයක් නැතිව කල්දමා තිබේ. සුපුරුදු පරිදි අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-20 තරගාවලියෙන් දේශීය ක්‍රිකට් වාරය ආරම්භ වන අතර ප්‍රධාන තලයේ කණ්ඩායම් 14 ක් සහ ‘බී’ තලයේ කණ්ඩායම් 12 ක් අද දින (13 වැනිදා) පිටියට පිවිසීමට සූදානමින් සිටියහ.
අද අලුයම සිට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාව නිසා සියලුම තරග කල්දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තරගාවලි ආරම්භ වන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව ද නිවේදනය කරයි.
ඒ අනුව ප්‍රධාන තලයේ විස්සයි-20 තරගාවලිය සහ ‘බී’ තලයේ විස්සයි-20 තරගාවලිය මෙන්ම ආණ්ඩුකාර කුසලාන තරගාවලියද කල්දමා තිබේ.
- 213