Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජයට දැවැන්ත ජයක්

දේවපතිරාජයට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 125 ක පහසු ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායක රවීන් යසස් ලකුණු 96 ක් රැස්කරමින් සහ ලකුණු 10 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


දේවපතිරාජ විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 200
(රවීන් යසස් 96, නිමේෂ් චතුරංග 22, සසිදු සත්සර 19, ශොහාන් අනුරුද්ධ 34/3, නිපුන දනංජය 33/3, ශානක ක්‍රිෂාන් 49/2)

ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 75
(නිපුන දනංජය 15, ශානක ප්‍රිෂාන් 15, රවීන් සයස් 10/3, නිමේෂ් චතුරංග 23/3, සසිදු සත්සර 15/2)

 


අදහස් (0)

දේවපතිරාජයට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.