Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දිමුත් යළිත් එක්දින පිලට

දිමුත් යළිත් එක්දින පිලට

editorial - 2022 අප්‍රේ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
බංග්ලාදේශ සංචාරයෙන් පසුව ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේදී දිමුත් කරුණාරත්න නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට ඉඩ ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න නැවතත් එක්දින කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේ නම් පළමුව එක්දින කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය ස්ථාවර කරගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බවද ක්‍රිකට් නිලධාරීහු කියති.

අවසන් වරට පැවැති (2019) එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ දිමුත් කරුණාරත්න වසර 10 කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරයි. එහෙත් ඔහු සහභාගි වී ඇත්තේ එක්දින තරග 34 කට පමණි.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දරුණු අර්බුදයකට ලක්වූ 2019 දී ඔහු තාවකාළිකව එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා පත්කළ නමුත් එක්දින තරග 34 කදී දිමුත් ලබාගෙන ඇත්තේ ලකුණු 767 කි.  

දිමුත් සම්බන්ධයෙන් නැවතත් අවධානයට ලක්වී ඇත්තේ ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේදී නායකත්වය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීය. එහෙත් ඒ සම්බන්ධයෙන් තේරීම් කමිටු නිලධාරීන් අවධාරණය කර ඇත්තේ ඔහු පළමුව එක්දින කණ්ඩායම තුළ ඔහුගේ ස්ථානය ස්ථාවර කරගත යුතු බවත්, වත්මන් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී ‘මගීන්’ (ප්‍රමාණාත්මකව කණ්ඩායමට දැනෙන යමක් කළ නොහැකි ක්‍රීඩකයන්) සමග තරග ජයග්‍රහණය කළ නොහැකි බවත්ය.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවෙන් පසුව පිතිකරුවන්ගෙන් ඇතිවූ බලපෑම හේතුවෙන් එක්දින තරගයක් ජයගැනීමේ බලාපොරොත්තු තැබීමට නම් ලකුණු 320 සීමාව වෙත ආසන්න විය යුතුව තිබේ.


අදහස් (0)

දිමුත් යළිත් එක්දින පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.