
(රොෂාන් ගුණරත්න)
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී නවතම යාවත්කාලීන කිරීමට අනුව එක් ස්ථානයක් ඉහළ නැගීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට හැකිවිය. ශ්‍රේණිගත ලකුණු 754 ක් හිමිකරගෙන ඇති දිමුත් 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා උඩට පැමිණියේය.
ඒ අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී 6 වැනි ස්ථානයේ සිටි ඕස්ටේ‍්‍රලියාවේ ඩේවිඩ් වෝනර් 7 වැනි ස්ථානය දක්වා පහත වැටුණි.
ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණේ සිටින ඕස්ටේ‍්‍රලියාවේ මානස් ලැබුෂේන් සහ දෙවැනි ස්ථානයේ පසුවන එංගලන්තයේ ජෝ රූට් ඔවුන්ගේ ස්ථාන රැක ගැනීමට සමත්වූහ.
සිව්වැනි ස්ථානයේ සිටි ඕස්ටේ‍්‍රලියාවේ ස්ටීවන් ස්මිත් එක් ස්ථානයක් ඉහළ යමින් තෙවැනි ස්ථානයට පත්ව ඇති අතර තෙවැනි ස්ථානයේ සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් සිව්වැනි ස්ථානය දක්වා පහත වැටී ඇත.
ඉන්දියාවේ රෝහිත් ෂර්මා 5 වැනි ස්ථානයේ රැඳී සිටින අතර පාකිස්තානු නායක බාබර් අසාම් 8 වැනි ස්ථානයේ රැඳී සිටින්නේය. ඉන්දීය ටෙස්ට් නායක විරාට් කෝලිට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.
ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 96 ක් ලබාගනිමින් දකුණු අප‍්‍රිකාව ජයග‍්‍රහණය කරා ගෙන ගිය නායක ඞීන් එල්ගා ස්ථාන 4 ක් ඉදිරියට එමින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී හොඳම 10 දෙනා අතරට පැමිණීමට සමත්විය.
ඕස්ටේ‍්‍රලියා නායක පැට් කමින්ස් ටෙස්ට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී තවදුරටත් පෙරමුණ රැකගැනීමට සමත්වී ඇති අතර ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් දෙවැනි ස්ථානයේ පසුවන්නේය.
බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවෙන් දස්කම් දැක්වූ කයිල් ජේමිසන් ස්ථාන 8 ක් ඉදිරිය පැමිණෙමින් තෙවැනි ස්ථානය අත්පත් කර ගැනීමට සමත්විය.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී සහ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි හොඳම ක‍්‍රීඩකයන් 10 දෙනා අතරට ටෙස්ට් නායකයන් 7 දෙනෙකු ඇතුළත්ව තිබීම කැපී පෙනෙන සිද්ධියක් විය.
එංගලන්තයේ ජෝ රූට්, නවසීලන්තයේ කේන් විලියම්සන්, ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාරත්න, පාකිස්තානයේ බාබර් අසාම්, ඉන්දියාවේ විරාට් කෝලී සහ දකුණු අප‍්‍රිකාවේ ඩීල් එල්ගා ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්හී හොඳම පිතිකරුවන් 10 දෙනා අතර සිටින නායකයන් වන අතර ඕස්ටේ‍්‍රලියාවේ පැට් කමින්ස් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන්නේය.


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.