Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දින 75 ක් වැඩ කළ විනිසුරුවන්ට තෑගි

දින 75 ක් වැඩ කළ විනිසුරුවන්ට තෑගි

යොහාන් භාසුර - 2020 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 2019 දී දින 75 සිට 100 කට වඩා තරග විනිශ්චය කළ විනිසුරුවන් 31 දෙනකු ඇගයීමට ලක්කමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය මුදල් ත්‍යාග පිරිනමා තිබේ.
 
දින 100 ක් හෝ ඊට වඩා තරග විනිශ්චය කළ විනිසුරුවන් 19 දෙනකුට රුපියල් 16,500 බැගින් ද දින 75 ක් සම්පූර්ණ කළ විනිසුරුවන් 12 දෙනකුට රුපියල් 12,500 බැගින් ද, මුදල් ත්‍යාග පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති දමින්ද කුරේ මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ වසරකදී පැවැත්වෙන අති දැවැන්ත ක්‍රිකට් තරග සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කිරීමේදී පූර්ණ කාලීනව කටයුතු කළ මෙම විනිසුරුවන් සේවය වඩාත් වැදගත් වූ බවයි.

“වසරකදී දින 100 ක් විනිසුරුවකු ලෙස හිටගෙන ඉන්නවා කියන්නේ පහසු කටයුත්තක් නොවෙයි. එම විනිසුරුවන් එහෙම නොකළා නම් අපිට විනිසුරුවන් ලබාදීම ගැටලුවක් වෙන්න පු`ඵවන්. ඒ හේතුවෙන් සෙසු විනිසුරුවන් දීරිමත් කිරීමේ පියවරක් ලෙස අපි මේ මුදල් ත්‍යාග පිරිනැමුවා” සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

දින 75 ක් වැඩ කළ විනිසුරුවන්ට තෑගි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.