වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගල්කිස්සේදී පැවැති තරගයෙන් මහින්ද විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.
සාන්ත තෝමස් විදුහල් තරිඳු රත්නායක අත් දෙකෙන්ම පන්දු යවමින් පළමු ඉනිමේදී ලකුණු 38 කට කඩුලූ 7 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 49 කට කඩුලූ 5 ක් දවා ගනිමින් ලකුණු 87 කට කඩුලූ 12 ක් දවා ගැනීමට සමත් විය.
තරිඳු රත්නායක වමතින් පා දඟ පන්දු යවන්නකු ලෙස කණ්ඩායමට ඇතුළත් වුවද, තරිඳු දකුණතින් පිට දඟ පන්දු වන්නකු ලෙස ද පන්දු යැවීම කැපී පෙනේ. තරිඳු එකම ඕවරයේ වමතින් සහ දකුණතින් පන්දු යවමින් කඩුලූ දවා ගැනීමට සමත් විය.
මහින්ද විදුහල - පළමු ඉනිම 175
(දුලාෂ් උදයංග 69, සචින්ත තාරුක 46, තරිඳු රත්නායක 38/7)
සාන්ත තෝමස් - විදුහල පළමු ඉනිම 151
(සනේෂ් ද මෙල් 19, තමිත් කල්හාර 25/3, හිරුෂාන් චම්පික 56/3)
මහින්ද විදුහල - දෙවැනි ඉනිම 127
(දුලාෂ් උදයංග 44, තමිත් කල්හාර 30, තරිඳු රත්නායක 49/5, රවිඳු තිලකරත්න 22/3, තිලක්‍ෂ සුමනසිරි 17/2)
සාන්ත තෝමස් - දෙවැනි ඉනිම කඩුලූ 8 ට 89
(නිපුන ගමගේ 22, මධුෂාන් රවිචන්ද්‍රකුමාර් 25, පසිඳු ඩිල්ෂාන් 29/4, තමිඳු කල්හාර 27/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.