අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ද්‍රවිඩ සංගම් පිල අද (30 වැනිදා) සවස වර්ෂාව නිසා තරගය නතර කරන විට මුවර්ස් පිලට එරෙහිව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියේය.
තුන්දින තරගයක් වන මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ද්‍රවිඩ සංගම් පිල කාසියේ වාසිය ලබා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. දෙනුවන් රාජකරුණා (52) සහ චාමිකර එදිරිසිංහ (25) හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක සම්බන්ධතාවක් පවත්වමින් ද්‍රවිඩ සංගම් පිල ලකුණු 200 සීමාව දක්වා රැගෙන ඒමට සමත් වූහ.
නායක දෙනුවන් රාජකරුණා පන්දු 77 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
මුවර්ස් පිලේ දකුණතින් වේග පන්දු යවන ඉරෝෂ් සමරසූරිය ලකුණු 44 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය.
ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම ඕවර 71 කදී කඩුලූ 9 ට 221
(පුලින තරංග 36, රොමේෂ් බුද්ධික 30, දෙනුවන් රාජකරුණා 52, චාමිකර එදිරිසිංහ 25, ඉරෝෂ් සමරසූරිය 44/3, කෞෂල්‍ය ගජසිංහ 48/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.