Last Update  :  2025-05-01 21:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දසුන් ප්‍රවේගවත් පිතිහරඹයකින් දඹුල්ල දිනවයි
එන්.එස්.එල් - 2025

දසුන් ප්‍රවේගවත් පිතිහරඹයකින් දඹුල්ල දිනවයි

editorial - 2025 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දසුන් ශානකගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසා මහනුවර ක්‍රීඩකයන් දුන් අභියෝගයට සාර්ථකව මුහුණ දුන් දඹුල්ල ක්‍රීඩකයෝ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති එන්.එස්.එල්. (පළමු පෙළ) තරගයේදී කඩුලු 4 ක පහසු ජයක් ලබාගත්හ. මුල් ඉනිමේදීත් ලකුණු 113 ක වාසියක් අත්කරගත් මහනුවර කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 278 ක් ලබාගනිමින් සිය  ඉනිම අත්හිටවූයේය. 

දඹුල්ල පිතිකරුවන්ට ලැබුණේ ලකුණු 392 ක අභියෝගාත්මක ඉලක්කයකි. එහෙත් ආරම්භයේ සිටම ඒ කරා ගිය දඹුල්ල ආරම්භක පිතිකරුවන් වූ නිශාන් මධුෂ්ක (126) සහ රොන් චන්ද්‍රගුප්ත දෙදෙනා ඕවර 30 ක් ඇතුළත ලකුණු 136 ක් එක්කළහ. චන්ද්‍රගුප්ත දැවී යාමෙන් පසුව, දඹුල්ල පිතිකරු ලයිස්තුවේ අංක 3 ස්ථානයට උසස් වීමක් ලද දසුන් ශානක පන්දු 55 කින් ශතකයක් ලබාගත්තේ හතරේ පහර 9 ක් සහ හයේ පහර 6 ක් ඊට ඇතුළත් කරමිනි. එහි ප්‍රතිඵලය වූයේ 50  වැනි ඕවරය වන විට ලකුණු 300 ක් පුවරුවට එකතු වීමයි.
 
ජයග්‍රහණය සඳහා එතැන් සිට අවශ්‍ය වූයේ ලකුණු 92 කි. දඹුල්ල මැද පෙළ පිතිකරුවන්  සාර්ථකව අභියෝගයට මුහුණ දුන් හෙයින් 65 වැනි ඕවරයේදී තරගය අවසන් වූයේ දඹුල්ල පිලට කඩුලු 4 ක පහසු ජයක් අත්කර දෙමිනි. 

මේ අතරවාරයේදී පිට පිටම තුන්වැනි තරගයේදීත් කඩුලු 10 ක් දවාගත් අකිල ධනංජය තරග 3 කදී තම 32 වැනි කඩුල්ලත් මල්ලට දමාගත්තේය. 


මහනුවර - පළමු ඉනිම සියලු දෙනා දැවී 453 යි
(පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, අශියන් ඩැනියෙල් 12, දිනුර කළුපහන 64/2, අකිල ධනංජය 140/5, චමිඳු විජේසිංහ 59/3)

දඹුල්ල - පළමු ඉනිම සියලු දෙනා දැවී 340
(නිශාන් මධුෂ්ක 31, රොන් චන්ද්‍රගුප්ත 17, ධනංජය ද සිල්වා 108, සහන් කෝසල 34, දසුන් ශානක 63, විශාද් රන්දික 40, ලසිත් ඇඹුල්දෙණිය 14, ශිරාන් ප්‍රනාන්දු 42/3, සහන් නානායක්කාර 125/2, අශියන් ඩැනියෙල් 109/4)

මහනුවර - දෙවැනි ඉනිම කඩුලු 9 ට 278 යි
(ජනිශ්ක පෙරේරා 27, පවන්ත වීරසිංහ 101, අශේන් බණ්ඩාර 12, සොහාන් ද ලිවේරා 32, රවිඳු ප්‍රනාන්දු 74, දුලාජ් සමුදිත 47/2, අකිල ධනංජය 87/5)

දඹුල්ල - දෙවැනි ඉනිම කඩුලු 6 ට 392 යි
(නිශාන් මධුෂ්ක 126, රොන් චන්ද්‍රගුප්ත 64, දසුන් ශානක 100, දිනුර කළුපහන 24, සහන් කෝසල 23, විශාද් රන්දික නොදැවී 35, ශිරාන් ප්‍රනාන්දු 54/2, සහන් නානායක්කාර 115/3)


අදහස් (0)

දසුන් ප්‍රවේගවත් පිතිහරඹයකින් දඹුල්ල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.