Last Update  :  2025-05-20 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දැන්වීම් අංශය ශූරතාව දිනාගනී.. අනුශූරතාව ඩේලි මිරර් පිලට
ඩී.ආර්. විජයවර්ධන අභියෝග කුසලාන - 2025

දැන්වීම් අංශය ශූරතාව දිනාගනී.. අනුශූරතාව ඩේලි මිරර් පිලට

editorial - 2025 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී.ආර්. විජයවර්ධන අභියෝග කුසලාන වෙනුවෙන් විජය පුවත් පත් සමාගමේ දෙපාර්තමේන්තු අතර වාර්ෂිකව පැවැත්වෙන සුහද ක්‍රිකට් තරගාවලියේදී මේ වසරේ ශූරතාව දිනාගැනීමට දැන්වීම් අංශය සමත් විය. තරගාවලියේ අනුශූරතාව ඩේලි මිරර් පිලට හිමිවිය. 

විජය පුවත්පත් සමාගමේ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මෙවර පැවැති තරගාවලියට කණ්ඩායම් 22 ක් සහභාගී වූහ.  පසුගිය සති අන්තයේ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය විජය පුවත් පත් සමාගමේ සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලදී.

අවසන් මහා තරඟයේදී ඩේලි මිරර් කණ්ඩායමට එරෙහිව තියුණු ජයග්‍රහණයක් ලබාගත් දැන්වීම් අංශ කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනාගත්තේය. 

ඩේලි මිරර් කණ්ඩායමේ තිළිණ වීරවංශ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත් අතර ඩේලි මිරර් පිලේම දර්ශන සංජීව බාලසූරිය තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නාට හිමි සම්මානය දිනා ගත්තේය. දැන්වීම් අංශයේ පසන් සංජිත තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවාට හිමි සම්මානය දිනාගත් අතර දැන්වීම් අංශයේම එරංග කුමාර අවසන් මහා තරඟයේ වීරයා විය. 

හෝකන්දර ‘ඒ’, වෙබ්, පිටු සැකසුම් සහ බෙදාහැරීම් කණ්ඩායම් පරාජය කරමින් ඩේලි මිරර් කණ්ඩායම අවසන් මහා තරඟයට පිවිසියේය. පැටවීම් ‘ඒ’, ලංකාදීප, හෝකන්දර සහ පැටවීම් ‘බී’ කණ්ඩායම් පරාජය කරමින් දැන්වීම් අංශ කණ්ඩායම අවසන් තරගයට පිවිසියේය. 

කාන්තා තරගාවලියේදී ප්‍රධාන කාර්යාලය ‘බී’ කණ්ඩායම ශූරතාව දිනාගත්ගේ ප්‍රධාන කාර්යාලයයේම ‘ඒ’ කණ්ඩායමට අනුශූරතාවය ඉතිරි කරමිනි. 

විජය පුවත්පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්නකුමාර, ලංකාදීප ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ, ඩේලි මිරර් ප්‍රධාන කර්තෘ ජමිලා හුසේන්, දැන්වීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරීනි නිපුලි වීරතුංග, ‘අද’ පුවත් පතේ ප්‍රධාන කර්තෘ මෙන්ම විජය සුභසාධක සංගමයේ සභාපති දුමින්ද සංජීව බාලසූරිය, සුභසාධක සංගමයේ ලේකම් අංජු කුමාරතුංග සහ භාණ්ඩාගාරික රොෂාන් තන්තිරිගේ යන මහත්ම මහත්මීහු ත්‍යාග සහ සම්මාන ප්‍රදානයට එක්ව සිටියහ. 

වසර 2000 දී ආරම්භ කරන ලද ඩී.ආර්. විජයවර්ධන අභියෝග කුසලාන තරගාවලියට මේ වසරේදී 25 වැනි විය සපිරෙයි. එහෙත් කොරෝනා වසංගතය පැවැති සමයේදී තරගාවලි කිහිපයක් පැවැත්විය නොහැකි විය. 

මෙවර ඩී.ආර්. විජයවර්ධන අභියෝග කුසලාන තරගාවලියේ අනුග්‍රාහකයින් ලෙස ඔගිල්වි, සෙලාන් බැංකුව සහ ජනශක්ති සමාගම කටයුතු කළහ. 

තරගාවලියේ වීරයා - ඩේලි මිරර් කණ්ඩායමේ තිළිණ වීරවංශ 

 

තරගාවලියේ අනුශූරතාවය - ඩේලි මිරර් කණ්ඩායම 

 

දක්‍ෂතම පන්දු යවන්නා -  ඩේලි මිරර් කණ්ඩායමේ දර්ශන සංජීව බාලසූරිය

 

දක්‍ෂතම පිතිකරුවාදැන්වීම් අංශයේ පසන් සංජිත

 

අවසන් මහා තරඟයේ වීරයාදැන්වීම් අංශයේ එරංග කුමාර

 

කාන්තා තරගාවලියේ ශූරතාවය - ප්‍රධාන කාර්යාල ‘බී’ කණ්ඩායම

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

දැන්වීම් අංශය ශූරතාව දිනාගනී.. අනුශූරතාව ඩේලි මිරර් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.