Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවැති සුපිරි දෙනාගේ වටයේ ‘එ්’ කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු පිතිකරුවෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.
පළමු ඕවරයේ අවසන් පන්දුවේදී නායක ටෙම්බා බවුමා (2) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ඔන්ඩ්‍රි රසල් සමත් විය. එහෙත් රීසා හෙන්ඩ්‍රික්ස් (39) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රාසි වැන්ඩර් ඩසන් (නොදැවී 43), ඉන් නොනැවතී ඒඩ්න් මාක්‍රම් (නොදැවී 51) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 83 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
එහිදී ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ ඩසන්, පන්දු 51 කට මුහුණදෙමින් හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවේය. පන්දු 30 කදී වාර්තා වූ හෙන්ඩ්‍රික්ස්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. වේගවත් පිතිහරඹයක නිරත වූ මාක්‍රම් පන්දු 26 කින් ලබාගත් සිය සිවුවැනි විස්සයි-20 අර්ධ ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 2 කින් අලංකාර කළේය.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 20 අවසානයේ 8 දැවී ලකුණු 143 ක් ලබාගත්තේය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 35 කදී හයේ පහර 6 ක් සහ ලකුණු 3 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය.
ලෙන්ඩ් සිමන්ස් (16) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලුවිස්, කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භක් ලබාදුන්නේය. කෙසේ වුවත් ඉතා මන්දගාමී පිතිහරඹයක නිරත වූ සිමන්ස් පන්දු 35 කට මුහුණදුන්නද, එහිදී එක් හයේ පහරක් හෝ හතරේ පහරක් ගැසීමට ඔහු අපොහොසත් විය.
ලුවිස්ගේ දැවීයෑමත් සමග කොදෙව් ඉනිමේ කඩාවැටීම ආරම්භ විය. නායක කිරන් පොලාඩ් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කළද, සෙසු පිතිකරුවන්ට වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩක් ලබා නොදුන්හ. එහිදී කොදෙව් පිතිකරුවන් 5 දෙනෙකුටම ලකුණු 15 සීමාව පසුකර යෑමටත් පෙර ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමට සිදුවූහ.
නිකලස් පූරන් පන්දු 7 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 12 ක්ද, ක්‍රිස් ගේල් පන්දු 12 කදී හයේ පහරක් සමග ලකුණු 12 ක්ද ලබා සිටියදී දැවී යාම කොදෙව් පිලට විශාල පාඩුවක් විය. පසුපෙළ පිතිකරුවන්ට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෝ ලකුණු 22 ක් තුළ කෙදෙව් ඉනිමේ කඩුලු 5 ක් දවාගත්හ. එහිදී වේගයෙන් පන්දුවට පහරදිය හැකි පිතිකරුවන් ලෙස සැලකෙන ඔන්ඩ්‍රි රසල් (5) සහ ශිම්රන් හැට්මෙයර්ද (1) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී ගියහ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ කැපී පෙනෙනම පන්දු යවන්නා බවට පත්වූ ඩ්වේන් ප්‍රිටෝරියස් ඕවර 2 ක් යවමින් කොදෙව් පිතිකරුවන් තිදෙනකු දවාගත් අතර ඊට ගේල්‍ගේ සහ පොලාඩ්‍ගේ කඩුලුද ඇතුළත් විය. ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් සමන්විත කොදෙව් කණ්ඩායම ලකුණු 150 කට අඩුවෙන් සීමා කිරීම සඳහා ප්‍රිටෝරියස්ට අනගි සහායක් දුන් කේෂව් මහරාජ්, ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය.
බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 143
(ලෙන්ඩ් සිමන්ස් 16, එවින් ලුවිස් 56, නිකලස් පූරන් 12, ක්‍රිස් ගේල් 12, කිරන් පොලාඩ් 26, ඩ්වේන් ප්‍රිටෝරියස් 17/3, කේෂව් මහරාජ් 24/2)
දකුණු අප්‍රිකාව - ඕවර 18.2 කදී කඩුලු 2 ක් දැවී 144
(රීසා හෙන්ඩ්‍රික්ස් 39, රාසි වැන්ඩර් ඩසන් නොදැවී 43, ඒඩ්න් මාක්‍රම් නොදැවී 51)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.