ග්‍රැහැම් ලැබ්රෝයී මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව තේරිම් කමිටුවට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය අද (19 වැනිදා) ලැබුණි.
සභාපති ග්‍රැහැම් ලැබ්රෝයී මහතා සහ සෙසු සාමාජිකයින් වශයෙන් අසංක ගුරුසිංහ, ගාමිණි වික්‍රමසිංහ සහ ජෙරී වවුටර්ස් යන මහත්වරුන් මින් පෙර නම් කර සිටි අතර පස්වැනි සාමාජිකයා ලෙස සජිත් ප්‍රනාන්දු මහතා අද පත්කිරිමත් සමගින් ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය නව තේරීම් කමිටුව සදහා ලැබුණි.
පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා 15 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතය නව තේරීම් කමිටුවේ පළමු රාජකාරිය වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.