Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තේරීම් කමිටුවෙන් රොෂ්න්ට ගුග්ලියක්

තේරීම් කමිටුවෙන් රොෂ්න්ට ගුග්ලියක්

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියට නම් කර ඇති 22 ගෙන්යුත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට අන්තර් සමාජ ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල යොවුන් පිතිකරුවකු වන රොෂේන් සිල්වා ඇතුළත්වී නොමැති බව වාර්තාවේ. එය  විශ්මය දනවන සිද්ධියක් බවට ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ කථාබහට ලක්ව තිබේ.

ආසන්නතම අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වූ රොෂේන් එහිදී අර්ධ ශතක දෙකක් සමගින් සාමාන්‍ය 34.50 ක් පවත්වමින් ලකුණු 138 ක් රැස්කර සිටියදී තුවාල ලැබීමෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.
රොෂේන් 2012/2013 පළමු පෙළ තරගාවලියේදී සාමාන්‍ය 55.70 ක් පවත්වමින් ලකුණු 557 ක්, 2011/2012 පළමු පෙළ තරග වාරයේදී සාමාන්‍ය 86.42 ක් පවත්වමින් ලකුණු 605 ක් සහ 2010/2011 පළමු පෙළ තරග වාරයේදී සාමාන්‍ය 96.66 ක් පවත්වමින් ලකුණු 870 ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසුවූහ.

දකුණත් පිතිකරු රොෂේන් මේ වන විට පළමු පෙළ තරග 54 කදී ශතක 11 ක් සහ අර්ධ ශතක 13 ක් සමගින් ලකුණු 3,313 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එහි සාමාන්‍ය 50.96 කි. රොෂේන් එක්දින තරග 51 කදී සාමාන්‍ය 31.62 ක් රදවා ගනිමින් ලකුණු 1,170 ක් රැස්කර තිබේ.
කොළඹ කෝල්ට්ස් පිල නියෝජනය කරන 24 හැවිරිදි රොෂේන් පසුගිය වසර කීපයේදී කෝල්ට්ස් පිල ලැබූ ජයග‍්‍රහණවල ඉහළම කොටස්කරුවකු බවට ද පත්විය.    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී පැවසුවේ රොෂේන් පසුගිය අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී ලකුණු රැස්කර නොමැති බවත් ඔහුට වඩා තරගකාරි ක‍්‍රීඩකයන් නවසීලන්ත ‘ඒ’ පිලේ තරග සංචාරයට තෝරාගත් බවය.

‘‘රොෂේන්ව අපි අතහැරලා නෑ. නමුත් තරගයක් දිනවන්න පුළුවන් ක‍්‍රීඩකයන් පිරිසක් අපි තෝරාගෙන තිබෙනවා’’ යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.   

මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රිකට් පුහුණුකරුවකු පැවසුවේ එවැනි කපා දැමීම්වලින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් අනාගතයට සම්පත් අහිමි වන බවයි.

‘‘ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ මැද පෙළ පිතිකරු ලෙස ක‍්‍රීඩා කළ තිලාන් සමරවීරගෙන් පසුව ඒ ස්ථානයට සුදුසුතම තරුණ පිතිකරු රොෂේන් බවට බොහෝ දෙනෙකු විශ්වාස කළා. නමුත් දැන් වෙලා තියෙන්නේ කොහෙවත් ඉන්න ක‍්‍රීඩකයන් ගෙනල්ලා අත්හදා බැලීම් කියලා කණ්ඩායමට ඔබනවා. නමුත් තේරීම් කමිටුවේ අත්හදා බැලීම් අසාර්ථක බව පසුගිය කාලෙ ඔප්පු උණා’’ යැයි එම පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.

කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන රොෂේන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ද නියෝජනය කළේය. රොෂේන් ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිවස් සහ තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාගේ සම කාලීනයෙකි.


අදහස් (2)

තේරීම් කමිටුවෙන් රොෂ්න්ට ගුග්ලියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.