
(දමින්ද විජේසූරිය)
ළහිරු තිරිමාන්න පිට පිටම ලබාගත් තුන්වැනි අර්ධ ශතකයත් දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වාගේ අඛණ්ඩ සම්බන්ධතාවත් නිසා දෙවැනි ටෙස්ට් තරගයේදීත් කොදෙව් පිල හමුවේ හිස් ඔසවා තබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම සමත්ව සිටී. ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අඟහරුවාදා (30 වැනිදා) ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 136 ක් ලබා සිටියේය. ඒ කොදෙව් පිලේ මුල් ඉනිම වූ ලකුණු 354 ට පිළිතුරු වශයෙනි.
නායක ක්‍රෙග් බ්‍රැත්වෙයිට් (123) සහ රකීම් කොන්වෝල් (73) අතර 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 103 ක සම්බන්ධතාවක් පැවැත්විණ. එසේ තිබියදීත් දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර කාලය සම්පූර්ණයෙන්ම පන්දුවට පහර දුන් කොදෙව් පිලට, එම කාලය තුළ එක්වූයේ ලකුණු 67 ක් පමණි. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් හිතුවක්කාර පිතිහරඹයක නොයෙදෙන්නේ නම් කොදෙව් පිල පසුගාමී තරග රටාවක නිරත වන බවට මෙය කදිම සාක්ෂියකි.
දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම පාහේ මන්දගාමී, ඇල් මැරුණු එකක් විය. දිනය පුරාම, දෙපිලෙන්ම වාර්තා වූයේ ලකුණු 203 කි. කඩුලු 6 ක් බිඳ වැටුණු නමුත් ඒවායින් 3 ක් පසුපෙළ කඩුලු වූ අතර ටෙස්ට් තරගයක දෙවැනි දිනයට එය කිසිසේත්ම ගැලපෙන තත්ත්වයක් නොවේ.
ශ්‍රී ලංකා ඉනිම ආරම්භ වූයේ මුහුණ දුන් පළමු පන්දුවටම දිමුත් කරුණාරත්න ලබාගත් ලකුණකිනි. එහෙත් ලකුණු අතරට පැමිණීමට මහත් පරිශ්‍රමයක් දැරූ ශ්‍රී ලංකා නායකයා පන්දු 17 කින් ලබාගත් එකම ලකුණද එය විය.
කොදෙව් නායකයා අරුම පුදුම තීරණයක් ගනිමින් තුන්වැනි ඕවරයේදීම කෙමර් රෝච් පන්දු යැවීමෙන් ඉවත් කරමින් අල්සාරි ජෝෂප් කැඳවා තිබිණ. ජෝෂප්ගේ තුන්වැනි ඕවරයේ පළමු පන්දුව තරමක් ඈතින් යද්දී එයට ඩ්‍රයිව් පහරක් ගැසීමට උත්සාහ කළ දිමුත්ගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව වෙත පියාඹා ගිය නිකෲමා බෝනර් ඇදහිය නොහැකි උඩපන්දු රැකීමක නිරත විය.
දිමුත් දැවී යන විටත් ලකුණු 17 ක් ලබා සිටි තිරිමාන්න, අංක 3 පිතිකරුවා වූ ඕෂධ ප්‍රනාන්දු සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව ඉදිරියට තල්ලු කරගෙන යමින් තේ පානයට පෙර සිය කඩුලු ආරක්ෂා කරගත්හ. කොදෙව් පන්දු යවන්නන් වෙතින් දිගින් දිගටම පෙළඹවීම් කෙරුණ නමුත් අනවශ්‍ය හිතුවක්කාරකම් වලින් දෙදෙනාම පරෙස්සම් වූ බැවින් ඒ වන විට කඩුලු 1 කට ලකුණු 60 ක් වශයෙන් පුවරුවේ සටහන් වී තිබිණ.
තේ පානයෙන් පසුව ලකුණු 13 ක් ඇතුළත මේ දෙදෙනාම පිටියෙන් ඉවත් වූ බැවින් කොදෙව්වෝ තරගයේ පාලනය සියතට ගැනීමට උත්සාහ කළද දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා එක්ව ඊට අවසර නොදුන්හ. වඩාත් හොඳ පන්දු වලින් ආරක්ෂා වූ නමුත් දුර්වල පන්දුවක් දුටුතැන පහර දීමට චන්දිමාල් පසුබට නොවීය. ඔහුගේ ලකුණු 34 ට හතරේ පහර 5 ක් ඇතුළත් වූයේ කොදෙව් පන්දු යවන්නන්ට තරගයේ පාලනය අතට ගැනීමට අවසර නොදෙමිනි.
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම
ක්‍රෙග් බ්‍රැත්වෙයිට් - ප.දුෂ්මන්ත චමීර 126
ජෝන් කැම්බල් - ඇ.දික්වැල්ල ප.ලක්මාල් 5
නිකෲමා බෝනර් - ප.ලක්මාල් 0
කයිල් මේයර්ස් - ඇ.දික්වැල්ල ප.විශ්ව ප්‍රනාන්දු 49
ජර්මේන් බ්ලැක්වුඩ් - ඇ.දික්වැල්ල ප.ලක්මාල් 18
ජේසන් හෝල්ඩර් - ඇ.තිරිමාන්න ප.ධනංජය ද සිල්වා 30
ජොෂුවා ද සිල්වා - ඇ.දික්වැල්ල ප.දුෂ්මන්ත චමීර 1
අල්සාරි ජෝෂප් - ක.මු.කළා ප.ඇඹුල්දෙණිය 29
රකීම් කොන්වෝල් - ඇ.විශ්ව. ප.ලක්මාල් 73
කෙමර් රෝච් - ඇ.දික්වැල්ල ප.දුෂ්මන්ත චමීර 9
ෂැනන් ගේබ්‍රියෙල් - නොදැවී 1
අතිරේක - 13
එකතුව ඕවර 111.1 කදී සියලු දෙනා දැවී 354
කඩුලු වැටීම :
1-11(ජෝන් කැම්බල්), 2-15(නිකෲමා බෝනර්), 3-86(කයිල් මේයර්ස්), 4-120(ජර්මේන් බ්ලැක්වුඩ්), 5-171(ජේසන් හෝල්ඩර්), 6-185(ජොෂුවා ද සිල්වා), 7-222(අල්සාරි ජෝෂප්), 8-325(කොන්වෝල්), 9-351(කෙමර් රෝච්), 10-354(ක්‍රෙග් බ්‍රැත්වෙයිට්)
පන්දු යැවීම
සුරංග ලක්මාල් : 28-11-94-4, විශ්ව ප්‍රනාන්දු : 27-4-71-1, ලසිත් ඇඹුල්දෙණිය : 25-5-88-1, දුෂ්මන්ත චමීර : 21.1-4-69-3, ධනංජය ද සිල්වා : 10-3-26-1
ශ්‍රී ලංකාව - පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - ඇ.බෝනර් ප.අල්සාරි ජෝෂප් 1
ළහිරු තිරිමාන්න - ප.කෙමර් රෝච් 55
ඕෂධ ප්‍රනාන්දු - ක.මු.කළා ප.කයිල් මේයර්ස් 18
දිනේෂ් චන්දිමාල් - නොදැවී 34
ධනංජය ද සිල්වා - නොදැවී 23
අතිරේක 5
එකතුව ඕවර 61 කදී කඩුලු 3 ක් දැවී 136
කඩුලු වැටීම
1-18(දිමුත් කරුණාරත්න), 2-64(ඕෂධ ප්‍රනාන්දු), 3-77(ළහිරු තිරිමාන්න)
පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝ
පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙණිය, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු
පන්දු යැවීම
කෙමර් රෝච් : 12-4-39-1, ෂැනන් ගේබි්රයෙල් : 10-2-28-0, අල්සාරි ජෝෂප් : 10-2-31-1, ජේසන් හෝල්ඩර් : 12-2-20-0, කයිල් මේයර්ස් : 7-4-06-1, රකීම් කොන්වෝල් : 9-5-08-0, ජර්මේන් බ්ලැක්වුඩ් : 1-0-02-0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.