Last Update  :  2026-01-11 22:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තාරුෂගේ පිත්තෙන් විශිෂ්ට දස්කම්

තාරුෂගේ පිත්තෙන් විශිෂ්ට දස්කම්

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්නිපිටිය ධර්මපාල විදුහලේ 13න් පහළ හා 15න් පහළ කි‍්‍රකට් කණ්ඩායම් වල නායකත්වය දැරූ ඉෂාන් තාරුෂ විජයබාහු දක්‍ෂතා පිරි නැගීඑන කි‍්‍රකට් කී‍්‍රඩකයෙකි. වමතින් පන්දුවට පහර දෙන තාරුෂ අවස්ථානුකූලව දකුණතින් මද වේග පන්දු යැවීමටද සමත්කම් දක්වයි.

වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගමය විසින් පසුගියදා සංවිධානය කරන ලද කි‍්‍රකට් පාසල් තරගාවලියේදී බී. ආර්. සී. කි‍්‍රකට් පාසල් ‘බී’ පිලට එරෙහිව පන්දු 70 කින් ලකුණු 100 ක් ලබාගත් තාරුෂ ලකුණු 177 ක ජයක් කරා තම පිල කැඳවාගෙන ගියේය.

එම තරගාවලියේදීම එස්. එස්. කේ. පිලට එරෙහිව ලකුණු 96 ක්ද එස්. කේ. ඩබ්. පිලට එරෙහිව ලකුණු 94 ක්ද, එම්. සී. ඒ. පිලට එරෙහිව ලකුණු 70 ක්ද, සනත් ජයසූරිය පිලට එරෙහිව ලකුණු 40 ක්ද වශයෙන් ලකුණු රැුස්කරමින් තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස තාරුෂ තේරී පත්විය.
තරගාවලියේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ චමින්ද වාස් මහතා විසින් දක්‍ෂතම කී‍්‍රඩකයාට හිමි සම්මානය තාරුෂ විජයබාහුට පිරිනමන ලද අවස්ථාව
නෙල්සන් මෙන්ඩිස් අභියෝගතා කි‍්‍රකට් තරගාවලියේ පසුගිය වසරේ දක්‍ෂතම කී‍්‍රඩකයා වශයෙන් තේරී පත්වූ තාරුෂ සී. සී. සී. කි‍්‍රකට් පාසල් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වශයෙන් කටයුතු කරයි.


අදහස් (0)

තාරුෂගේ පිත්තෙන් විශිෂ්ට දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.