වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ පිල අද (04 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ තරිඳු රත්නායක ලකුණු 23 කට කඩුලු 6 ක් දවාගනිමින් සිංගර් ශ්‍රී ලංකා ‘ඒ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සිමාකිරීමට සමත්විය. කවීන් බණ්ඩාර (නොදැවී 55) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
සිංගර් ශ්‍රී ලංකා - ඕවර 33.5 කදී සියලුදෙනා දැවී ලකුණු 125
(ඉසුරු ශාමර 46, ලෝචන බණ්ඩාර 26, තරිඳු රත්නායක 23/6, සසිඳු පෙරේරා 17/2)
ජෝන් කීල්ස් - ඕවර 17 කදී කඩුල්ලක් දැවී ලකුණු 126
(කවීන් බණ්ඩාර නොදැවී 55, රවිඳු කොඩිතුවක්කු 29, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.