Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket තරිඳු - ආකාශ් පන්දුවෙන් දස්කම් දක්වති

තරිඳු - ආකාශ් පන්දුවෙන් දස්කම් දක්වති

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් බී.ආර්.සී, බ්ලූම්ෆීල්ඞ් සහ සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණ වලදී අද (27 වැනිදා) ආරම්භ විය.

බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී බස්නාහිර පළාත් (මධ්‍යම) කණ්ඩායමේ හිමාෂ ලියනගේ (72) සහ ළහිරු විමුක්ති (60) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දක්වන විටදී වයඹ පළාත් කණ්ඩායමේ තරිඳු රත්නායක ලකුණු 60 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


බස්නාහිර (මධ්‍යම) - පළමු ඉනිම - ඕවර 46.1 කදි සියලුදෙනා දැවී 204
(හිමාෂ ලියනගේ 72, ළහිරු විමුක්ති 60, සදීර සමරවික්‍රම 26, තරිඳු රත්නායක 60/5, අසිත ප්‍රනාන්දු 52/3)

වයඹ පළාත - පළමු ඉනිම - ඕවර 32 කදි කඩුලු 7 ක් දැවී 128
(සචින් ජයවර්ධන නොදැවී 27, රුක්ෂාන් ප්‍රනාන්දු 27, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 26, සචින්ත පීරීස් නොදැවී 21, දීශක මනෝජ් 45/2, ජනිත් ලියනගේ 38/3, සහන් නානායක්කාර 28/2)

බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී උතුරු පළාත් කණ්ඩායම නියෝජනය කරන මොහොමඞ් අල්ෆාර් (82) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර උතුරු මැද පළාත් කණ්ඩායමේ යොහාන් මෙන්ඩිස් (63) අර්ධ ශතකයක් ලබාගත් අතර ආකාශ් සේනාරත්න ලකුණු 65 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

උතුරු පළාත - පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී 190
(මොහොමඞ් අල්ෆාර් 82, ජී. ජතුෂාන් 23, සංදීප නිසංසල 19/2, ආකාශ් සේනාරත්න 65/5)
උතුරු මැද පළාත - පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 7 ක් දැවී 138
(යොහාන් මෙන්ඩිස් 63, දිනෙත් හේවාතන්ත්‍රි 34, ජී. ජතුෂාන් 18/3, කේ. කපිල්රාජ් 39/2)

සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේදී ඌව පළාත් කණ්ඩායමේ හර්ෂ රාජපක්ෂ (88) අර්ධ ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර දකුණු පළාත් කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් ලකුණු 53 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ඌව පළාත - පළමු ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී 198
(හර්ෂ රාජපක්ෂ 88, මීදුම් දිනෙත් 26, රමේෂ් මෙන්ඩිස් 53/4, චරිත් අසලංක 17/2, තිලංග උදීශන 48/2)
දකුණු පළාත - පළමු ඉනිම - ඕවර 24 කදී කඩුලු 3 ක් දැවී 78
(පසිඳු ඉසිර 35)

 


අදහස් (0)

තරිඳු - ආකාශ් පන්දුවෙන් දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.