Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ නැඟීඑන ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස කීපයේදී බංග්ලාදේශයේ තරග සංචාර දෙකකට සහභාගි කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තව දෙසතියකින් පමණ බංග්ලාදේශය බලා පිටත්ව යන අතර ඔවුන් එහිදී සිව්දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සංවර්ධන තීරණ රැසකට පසුගිය විධායක කමිටුවේදී තීරණ ගත් බවයි.
“ක්‍රීඩකයන් පුහුණුවීම් පමණක් කළාට වැඩක් නෑ. ඔවුන්ට තරග අත්දැකීම් ලැබෙන්න ඕනේ. ඒ නිසා අපි සෑම කණ්ඩායමකටම උපරිමයෙන් තරග අත්දැකීම් ලබාදෙන්න උත්සහ කරනවා. ඒ අනුව වයස 19 න් පහළ සහ නැඟීඑන කණ්ඩායම්වලට බංග්ලාදේශ සංචාර දෙකක් සූදානම් කළා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ලබන නොවැම්බර් මස 22 වැනිදා සිට දෙසැම්බර් මස 19 වැනිදා දක්වා බංග්ලාදේශයේ තරග සංචාරයකට සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල ලබන අගෝස්තු මස 16 වැනිදා සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා බංග්ලාදේශයේ තරග සංචාරයකට සහභාගි වෙයි.
විධායක කමිටුවේ විශේෂ තීරණ
● ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නොවැම්බර් මස 22 වැනිදා සිට දෙසැම්බර් මස 19 වැනිදා දක්වා බංග්ලාදේශ සංචාරයකට සහභාගි කරවීම.
● ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සමඟ සහභාගි වන පාසල් නියෝජිතයා වෙනුවෙන් රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වැයකිරීම.
● ශ්‍රී ලංකා නැඟීඑන ක්‍රිකට් පිල ලබන අගොස්තු මස 16 වැනිදා සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා බංග්ලාදේශයේ සංචාරයකට සහභාගි කරවීම.
● ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන අභ්‍යාසකවරයකු වන ඩිල්ෂාන් ෆොන්සේකා මහතා ඕස්ටේ්‍රලියාවේ පුහුණුවකට සහභාගි කරවීම.
● ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය මාදුරුඔය යුද හමුදා කඳවුරේදී අගෝස්තු මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා දස්කම් වර්ධනය කරගැනීමේ පුහුණු වැඩමුළුවකට සහභාගි කරවීම.
● ඩුබායිහිදී ලබන මස 3 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ වාර්ෂික මහ සභාවට ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ නිලධාරීන් දෙදෙනකුට සහභාගි වීම සඳහා රුපියල් 250000 කට අධික මුදලක් ලබාදීම.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.