
අන්තර් සමාජ විස්සයි-20 තරගාවලියේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරග 6 ම වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ නොයවාම අත්හැර දැමීමට සිදුවිය.
බී.ආර්.සී ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතරත්, කැන්ඩි කස්ට්ම්ස් ක්‍රීඩා සමාජය සහ පොලිසය අතරත්, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය අතරත් අද පෙරවරුවේ තරග පැවැත්වීමට නියමිතව තිබිණ.
අද පස්වරුවේ තරග පැවැත්වීමට නියමිතව තිබුණේ සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය සහ මීගමුව ක්‍රීඩා සමාජය අතරත්, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතරත්, නුගේගොඩ ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතරත්ය.
මේ වන විට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයෙන්ද, බී.ආර්.සී. ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයෙන්ද ඉදිරියෙන් සිටින අතර ‘සී’ කාණ්ඩායෙන් පොලිසියද, ‘ඩී’ කාණ්ඩයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයද ඉදිරියෙන් සිටිති.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.