Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුයින්ටන් ඩිකොක්ගේ (80) වේගවත් පිතිහරඹය හමුවේ දිල්ලි කැපිටල් පිලට එරෙහිව මුම්බායිහිදී අද (7 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 15 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනීමට ලක්නව් සුපර් ජයන්ට් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් සුපර් ජයන්ට් පිල ඕවර 19.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.
වේගවත් ආරම්භයක් ලබාගත් කුයින්ටන් ඩිකොක් පන්දු 52 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 80 ක් ලබාගනිමින් ලක්නව් පිලේ ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ලෝකේෂ් රාහුල් සමගින් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 58 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඩිකොක් සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149 ක් පමණි.
සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ප්‍රිත්වී ෂෝ සමත්වුවද සෙසු පිතිකරුවන්ගේ මන්දගාමී පිතිහරඹය හේතුවෙන් දිල්ලි කැපිටල් පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ගිලිහි ගියේය. ප්‍රිත්වී ෂෝ පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 61 ක් ලබාගැනීමට සමත්විය.
ලකුණු 74 කට කඩුලු 3 ක් දැවී තිබියදී 4 වැනි කඩුල්ල සඳහා එක්වූ රිෂාබ් පාන්ට් සහ සර්ෆරාස් ඛාන් පන්දු 57 කදී ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වූහ.
රිෂාබ් පාන්ට් පන්දු 36 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් ලබාගත් අතර සර්ෆරාස් ඛාන් පන්දු 28 කදී හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 36 ක් ලබාගත්තේය.
සිය ඕවර 4 ලකුණු 22 කට සීමාකරමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට රවී බිෂ්නෝයි සමත්විය.
කාසියේ වාසිය දිනාගත් ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ නායක ලෝකේෂ් රාහුල් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
දිල්ලි කැපිටල් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 149
(ප්‍රිත්වී ෂෝ 61, රිෂාබ් පාන්ට් නොදැවී 39, සර්ෆරාස් ඛාන් නොදැවී 36, රවී බිෂ්නෝයි 22/2)
ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 19.4 කදී කඩුලු 4 ක් දැවී 155
(ලෝකේෂ් රාහුල් 24, කුයින්ටන් ඩිකොක් 80, කුල්දීප් යාදව් 31/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.