Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඩි’කොක් - බව්මා දකුණු අප්‍රිකාව දිනවති

ඩි’කොක් - බව්මා දකුණු අප්‍රිකාව දිනවති

editorial - 2020 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හි නිව් ලෑන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 259 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඕවර 47.4 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් පන්දු 113 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 107 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 25 ක් වන විට පළමු කඩුල්ල ලෙස රීසා හෙන්ඩි්‍රක්ස් ලකුණු 6 කට දැවී ගියද, ටෙම්බා බව්මා (98) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 169 කදී ලකුණු 173 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩි’කොක්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය.

ඩි’කොක්ගේ දැවී යෑමෙන් අනතුරුව බව්මා සමග එක්වූ රාසි වැන්ඩර් ඩසන් (නොදැවී 38), තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 36 ක සම්බන්ධතාවක් ගොඩනගමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 103 කදී වාර්තා වූ බව්මාගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින් සමන්විත වූ අතර වැන්ඩර් ඩසන්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් ලබාගත් අතර එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ජෝ ඩෙන්ලි පන්දු 103 කදී ලකුණු 87 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 131 ක් වන විට එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ලත් බිඳවැටුණ අතර එතැන් පටන් ක්‍රිස් වෝක්ස් (40) සමග එක්ව පන්දු 98 කදී ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩෙන්ලි සමත් විය. පන්දු 42 කදී වාර්තා වූ වොක්ස්ගේ ඉනිමට හතරේ පහර 2 ක් අන්තර්ගත විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ පා දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රේස් ශම්සි ලකුණු 38 කට කඩුලු 3 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ කළේය.


එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 258
(ජේසන් රෝයි 32, ජොනී බෙයාස්ටෝ 19, ජෝ රූට් 17, ජෝ ඩෙන්ලි 87, ටොම් බැන්ටන් 18, ක්‍රිස් වෝක්ස් 40, ටොම් කරන් නොදැවී 15, තබ්‍රේස් ශම්සි 38/3)

දකුණු අප්‍රිකාව - ඕවර 47.4 කදී කඩුලු 3 ක් දැවී 259
(ක්වින්ටින් ඩි’කොක් 107, ටෙම්බා බව්මා 98, රාසි වැන්ඩර් ඩසන් නොදැවී 38)

 

-036

 


අදහස් (0)

ඩි’කොක් - බව්මා දකුණු අප්‍රිකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.