Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 255 ක ජයක් ලබාගැනීමට තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය අද (22 වැනිදා) සමත්විය. මෙම තරගය බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් සඳකැන් ජයවීර (102) ශතකයක්ද සිතුම් වික්‍රමාරාච්චී (71) සහ ලක්ජිත් ජයවීර (50) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර චතුරංග ගුණසේකර ලකුණු 06 කට කඩුලු 5 ක් සහ බී.ආර්.සසංක ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ඩඞ්ලි සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 97 කදී සියලුදෙනා දැවී ලකුණු 384
(සඳකැන් ජයවීර 102, සිතුම් වික්‍රමාරාච්චී 71, ලක්ජිත් ජයවීර 50, මිහිඳු මහේෂ් 44, චිරාත් අසලංක 80/5, පසිඳු මල්ශාන් 45/3)
බදුල්ල ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 28.1 කදී සියලුදෙනා දැවී ලකුණු 34
(චතුරංග ගුණසේකර 06/5)
බදුල්ල ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 46.3 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ලක්ෂාන් මදුභාෂිත 61, බී.ආර්.සසංක 37/6)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.