Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි වරටත් පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ද්විපාර්ශ්වික තරගාවලියක් සඳහා ලබන නොවැම්බර් මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි. එහිදී කොදෙව් පිලට එරෙහිව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් වෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් 14 දා අවසන් වූ වහාම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා තිබිණ.
තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 21 දා ආරම්භවීමට නියමිතව ඇති අතර තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. බටහිර ඉන්දීය කොදෙව් පිලේ සංචාරයෙන් පසුව දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා දෙවැනි වරටත් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාව මේ වසරේදී දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශ යන කණ්ඩායම් වලට එරෙහිව ටෙස්ට් තරගාවලි 4 කට එක්විය. එහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව එරට කළ සංචාරයේදී 2-0 ක් ලෙස තරගාවලිය පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදීද තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත්විය.
කොදෙව් කණ්ඩායමට එරෙහිව කැරිබියන් දූපත් වල පැවැති තරග 2 කින් සමන්විත තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී පැවැති තරග 2 කින් සමන්විත තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
කෙසේ වෙතත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි වාරයේදී මේ දක්වා පවත්වා ඇත්තේ තරගාවලි දෙකක් පමණි. එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම එම තරගාවලිය අවසන් විය. තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේදී ඉන්දියාව ජයග්‍රහණ 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටී. පාකිස්තානය සහ කොදෙව් පිල අතර පැවැති තරගාවලිය දෙපිලටම ජයග්‍රහණ 1-1 ක් ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් විය.
මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිතව තිබුණද කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමගින් තරගාවලිය ලබන වසරේ මැයි දක්වා කල් දමන ලදී.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.