අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සහ හලාවත ශාන්ත මේරි විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 166 ක පහසු ජයක් වාර්තා කිරීමට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 280 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත මේරි විදුහලට ඕවර 30.5 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 113 ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජෝශප් වාස් විදුහල වෙනුවෙන් ලකුණු 102 ක් රැස්කිරීමට ශෙහාර් රණතුංග සමත්විය.
ජෝශප් වාස් විදුහල ඕවර 50 කදී සියලූ දෙනා දැවී 279
(ශෙහාර් රණතුංග 102, පසිඳු දිල්ෂාන් 73, චාරුක ප‍්‍රනාන්දු 44, දිල්ෂාන් සංජීව 51/3, දිල්ෂාන් ප‍්‍රනාන්දු 36/2, හේෂාන් ප‍්‍රනාන්දු 62/2)
ශාන්ත මේරි විදුහල ඕවර 30.5 කදී සියලූ දෙනා දැවී 113
(හසල ප‍්‍රමුදිත 24, හේෂාන් ප‍්‍රනාන්දු 21, සනෝජ් රෝෂිත 20, අවිෂ්ක ප‍්‍රනාන්දු 19/3, ප‍්‍රවීන් දිලංක 26/2, අශේන් ඉන්ද්‍රජිත් 27/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.