Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ 2025 ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල කණ්ඩායම ඊයේ (30 වැනිදා) සමත් විය. කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී දඹුල්ල කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ගාල්ල ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීහ.
තරගය නිමාවට පත්වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 246 ක් ලබා දඹුල්ල කණ්ඩායමට වඩා ලකුණු 303 ක් ඉදිරියෙන් සිටියේය. ඒ වන විට දුනිත් වෙල්ලාලගේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 59 ක්ද, නායක රමේෂ් මෙන්ඩිස් හතරේ පහර 4 ක් සමග ලකුණු 50 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
පළමු ඉනිමේදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 80 ක් රැස්කළ දිනේෂ් චන්දිමාල්, ඊට නොදෙවෙනි පිතිහරඹයක නිරත වෙමින් දෙවැනි ඉනිමේදීද හතරේ පහර 5 ක් සමග ලකුණු 64 ක් රැස්කලේ අවසන් තරගයේ වීරයා සම්මානයද තමන් සතුකර ගනිමිනි.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ දක්ෂතම පන්දු යවන්නාට හිමි සම්මාන ද්විත්වයම තමන් සතුකර ගැනීමට ඉනිම් 9 කදී කඩුලු 37 ක් දවාගත් දඹුල්ල කණ්ඩායමේ අකිල ධනංජය සමත් විය. ඉනිම් 7 කදී ලකුණු 563 ක් රැස්කළ රවිඳු රෂාන්ත තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන ලැබීය.
නිම්සර අතරගල්ල ප්‍රමුඛ ගාල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දඹුල්ල කණ්ඩායමට සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ ලකුණු 313 ක් පමණි. එහිදී නිම්සර කඩුලු 5 ක් බිඳහෙළමින් දඹුල්ල ඉනිම අඩ පණ කළේය. විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 ක්ද, දුනිත් වෙල්ලාලගේ සහ රමේෂ් මෙන්ඩිස් කඩුල්ල බැගින්ද බිඳහෙළමින් නිම්සරට අනගි සහායක් දුන්හ.
දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ විෂාද් රන්දික හයේ පහර 3 ක් සහ හතරේ පහර 15 ක් සමග ලකුණු 124 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත ලකුණු 65 ක් රැස්කළේ හතරේ පහර 9 ක් සමගිනි. චමිඳු විජේසිංහ (24) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රන්දික සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 370 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු හතරේ පහර 14 ක් සමග ලකුණු 120 ක් රැස්කළේය. චන්දිමාල් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕෂද සමත් විය.
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 370
(ඕෂද ප්‍රනාන්දු 120, දිනේෂ් චන්දිමාල් 80, අවිෂ්ක ප්‍රනාන්දු 26, දුනිත් වෙල්ලාලගේ 34, රමේෂ් මෙන්ඩිස් 31, සන්තුෂ් ගුණතිලක 39, මොහොමඩ් සිරාස් 92/4, අකිල ධනංජය 92/2)
දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 313
(නිෂාන් මධුෂ්ක 17, රොන් චන්ද්‍රගුප්ත 65, සම්මු අෂාන් 35, විෂාද් රණ්දික 124, චමිඳු විජේසිංහ 28, නිම්සර අතරගල්ල 101/5, විජයකාන්ත් වියස්කාන්ත් 28/2)
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 246
(ඕෂධ ප්‍රනාන්දු 19, දිනේෂ් චන්දිමාල් 64, නිපුන් ධනංජය 22, දුනිත් වෙල්ලාලගේ නොදැවී 59, රමේෂ් මෙන්ඩිස් නොදැවී 50, මොහොමඩ් සිරාස් 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.