Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජනිත්ගේ උත්සාහය අපතේ යයි

ජනිත්ගේ උත්සාහය අපතේ යයි

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලූම්බිණි විද්‍යාලය සහ දෙහිවල එස්. ද. එස්.ජයසිංහවිද්‍යාලය අතර කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19න් පහළ I කොටසේ තරගය ජයපරාජයෙන් තොරව අවසන් විය.

ලූම්බිණි විද්‍යාලයේ වමතින් පා දග පන්දු යවන්නකු වන ජනිත් ඩයස් පළමු ඉනිමේ ලකුණු 21ට කඩුලූ 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 37ට කඩුලූ 7ක් ලබාගනිමින් එස්. ද. එස්.ජයසිංහ විද්‍යාලය අඩපණ කිරීමට සමත්විය. තරගයේදීම ලකුණු 58 කට කඩුලූ 13 ක් දවාගත් නමුත් ලූම්බිණි පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් එස්. ද. එස්.ජයසිංහ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් අත්විය.

ඉෂාර කුරුවිට ලකුණු 28 කට කඩුලූ 5 ක් දවාගනිමින් ලූම්බිණි විදුහල ලකුණු 151 කට සීමා කළේය.


එස්.ද.එස්. ජයසිංහවිදුහල පළමු ඉනිමසියලූ දෙනා දැවී 174
(සචිත් සංජීව 57, ඉෂාර කුරුවිට 28, තරිදු අවිශ්ක 30, ජනිත් ඩයස් 21/6)

ලුම්බිණි විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 151
(තනුක දාබරේ 52, විමුක්ති ඇල්ලේගොඩ 21, රංගිත නලවංශ නොදැවී 31, ඉෂාර කුරුවිට 28/5, මදුක නිරෝෂන 24/3, මහේෂ් පීරිස් 46/2)

එස්.ද.එස්. ජයසිංහ විදුහල දෙවන ඉනිම සියලූ දෙනා දැවී 92
(මහේෂ් පීරිස් 39, ජනිත් ඩයස් 37/7, තරූෂන් ඉද්දමල්ගොඩ 40/2)

 


අදහස් (0)

ජනිත්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.