Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ රවීන්ද්‍ර ජදේජා සිය නායකත්වය, හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිටම පවරා දී තිබේ. නායකත්වයේ කටු ඔටුන්න පැත්තකට දමා නැවත වරක් තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩි උනන්දුවකින් කටයුතු කිරීමට රවීන්ද්‍ර ජදේජා තීරණය කර ඇත.
චෙන්නායි පිලේ නායකත්වය නැවතත් බාරගන්නා ලෙෂ ජදේජා කළ ඉල්ලීම චෙන්නායි පිලේ හිටපු නායකයා විසින් පිළිගනු ලැබ ඇත.
අයි.පී.එල්. ශූරතා 4 ක් කරා චෙන්නායි පිල කැඳවාගෙන ගිය නායකයා වන මහේන්ද්‍ර සිං දෝනි සියලු දෙනා මවිතයට පත්කරමින් මෙවර තරගාවලිය ආරම්භයේදීම නායකත්වයෙන් ඉවත් විය. එහෙත් අයි.පී.එල්. තරග බිමේදී දැකගත හැකිවූයේ පිටියේ වෙනස්කම් කරමින් තීරණ ගන්නේ දෝනි බවයි.
නායකත්වය බාරගැනීමෙන් පසුව රවීන්ද්‍ර ජදේජාගේ දස්කම් පහළ බැසීමක් සිදුවූ නමුත් දෝනි සිය පිත්තෙන් මෙන්ම කඩුල්ල පිටුපස කටයුතු කරන ආකාරයේත් පැහැදිළි දියුණුවක් දක්නට තිබිණ.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිල ප්‍රකාශයකින් කියැවුණේ තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජදේජා සිය නායකත්වය නැවත වරක් මහේන්ද්‍ර සිං දෝනිටම බාර දුන් බවයි.
මෙවර අයි.පී.එල්. තරගාවලියේදී මේ දක්වා තරග 42 ක් නිමා වී ඇතත් සහභාගි වූ තරග 8 කින් 6 ක් පරාජය වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා පහළට ඇද වැටී සිටී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.