‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී මිරීගම ඩි.එස්.සේනානායක විදුහලට එරෙහිව ලකුණු 220 ක ජයක් හිමිකර ගැනීමට වත්තල ශාන්ත ජෝසප් විදුහල ඊයේ (22 වැනිදා) සමත්විය.
මෙම තරගය රාගම බැසිලිකා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වත්තල ශාන්ත ජෝසප් විදුහල වෙනුවෙන් චමෝද් දයාන් ශතකයක් (127) සහ ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූයේය.
	
	ශා. ජෝසප් විදුහල - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී 281
	(චමෝද් දයාන් 127, ඉසුරු උදාර 39, විකුම් තරූෂ 30, සෙනෙත් සිල්වා 26, ලක්ෂාන් ගුණවර්ධන 34/2, තරිඳු දිසානායක 45/2, දනුක නදිරංග 52/2)
	ඩි.එස්.සේනානායක විදුහල - ඕවර 25.4 කදී සියලුදෙනා දැවී 61
	(චමෝද් දයාන් 24/5, කේශාන් ලක්ෂිත 02/2, ආලෝක මදුෂාන් 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.