Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චමරි අතපත්තු අයෙත් මුල් තැනට

චමරි අතපත්තු අයෙත් මුල් තැනට

editorial - 2024 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

යළිත් වරක් ලොව එක්දින පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වූවාය. සිය ක්‍රීඩා දිවිය තුළ චමරි එක්දින පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වන අතර 34 හැවිරිදි චමරි, ඉකුත් වසරේ (2023) ජූලි මස 4 වැනිදාද එම ස්ථානය හිමිකර ගත්තාය.  

මෙවර ඇය පළමු ස්ථානයට පැමිණියේ ශ්‍රේණිගත ලකුණු 773 ක් ලබාගනිමිනි. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ලොව එක්දින පිතිකාරිණියන් අතර දෙවැනි ස්ථානයේ පසුවූ චමරි, එම තරගාවලියේදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමග ලකුණු 258 ක් රැස්කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණියාය. 

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 110 කදී ශතක 9 ක් සහ අර්ධ ශතක 16 ක් සමග ලකුණු 3513 ක් රැස්කරගෙන සිටින චමරි, විස්සයි-20 ජාත්‍යන්තර තරග 125 කදී ලකුණු 2731 ක් රැස්කරගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 9 ක් සමගිනි. එහිදී එක්දින කඩුලු 29 ක් සහ විස්සයි-20 කඩුලු 41 ක් බිඳහෙළීමටද ඇය සමත්වී ඇත. 

දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසුව එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණිගත ලැයිස්තුවේද පියවර දෙකක් ඉදිරියට පැමිණ ඇති චමරි, මේ වන විට එහි 9 වැනි ස්ථානයේ පසුවන්නීය. ශ්‍රේණිගත ලකුණු 676 කට හිමිකම් කියමින් ලොව විස්සයි-20 පිතිකාරිණියන් අතර 7 වැනි ස්ථානයේ පසුවන ඇය, විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේද 7 වැනි ස්ථානයේ රැදී සිටින්නීය. 

 


අදහස් (0)

චමරි අතපත්තු අයෙත් මුල් තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.