විස්සයි විස්ස ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වූ දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල් යන ක‍්‍රීඩකයින් තිදෙනා පිළිගැනීමේ උත්සවයක් පසුගියදා අම්බලන්ගොඩදී පැවැත්විණි.
අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රිකට් විද්‍යායතනය, අම්බලන්ගොඩ වෙලීනා ක‍්‍රීඩා සමාජය සහ අම්බලන්ගොඩ 306 ඒ සිංහ සමාජය විසින් මෙම පිළිගැනීමේ උත්සවය සංවිධානය කරන ලදී.
අම්බලන්ගොඩ පොලිසිය අසල දී වෙලීනා ක‍්‍රීඩා සමාජයේ සාමාජිකයින් විසින් කී‍්‍රඩකයින් තිදෙනා පිළිගන්නා ලදහ. එම ස්ථානයේ පැවැති කෙටි උත්සවයකින් අනතුරුව ගාලූ පාර දිගේ රිය පෙරහරකින් ඔවුන්ව අම්බලන්ගොඩ නගර සභා මංසන්ධිය දක්වා කැඳවාගෙන එන ලදී. නගර සභා මංසන්ධියේ සිට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායම පෙරටුකොට ගෙන පැමිණි ක‍්‍රීඩකයන් තිදෙනා නගර සභා ක‍්‍රිකට් විද්‍යායතනයේ ක‍්‍රීඩකයින්ගේ ක‍්‍රිකට් පිති ආචාර මධ්‍යයේ නගර සභා ශාලාවට කැඳවාගෙන යන ලදහ.
නගර සභා ශාලාවේ පැවැති උත්සවයකින් අනතුරුව මේ ක‍්‍රීඩකයින් තිදෙනාටම උපහාර තිළිණ ප‍්‍රදානය කෙරිණ.
අම්බලන්ගොඩ නගරාධිපති නීතිඥ අරුණ ප‍්‍රදීප් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප‍්‍රසන්න, සුරංග ලක්මාල් යන ක‍්‍රීඩකයින් තිදෙනාගේ ක‍්‍රිකට් පුහුණුකරුවකු වූ සහ අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රිකට් ඇකඩමියේ ප‍්‍රධාන පුහුණුකරු පී. අශෝක කුමාර, කර්නල් බිමල් විදානගේ, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විකුම් ප‍්‍රියලාල්, අබාන්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරි ධම්මික ප‍්‍රසන්න, නාගරික මන්ත‍්‍රී දේව් රොහාන් රාජපක්‍ෂ, ක‍්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ ලේකම් කපිල ජයලත් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.