Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරග ඇරඹෙයි

ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරග ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ගෘහස්ත ක්‍රිකට් සම්මේලනය 10 වැනි වරටත් සංවිධානය කරන ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හෙට (16 වැනිදා) සිට 23 වැනිදා දක්වා එක්සත් ආරාබී රාජ්‍යයේ, ඩුබායි නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, මැලේසියාව, සිංගප්පූරුව, ඕස්ටේ්‍රලියාව, එක්සත් ආරබී එමීර් රාජ්‍යය, එංගලන්තය සහ ඉන්දියාව ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගීවන කණ්ඩායම් වන අතර සෑම කණ්ඩායමක්ම එකිනෙකාට එරෙහිව තරග වැදිය යුතුය.

1995 සිට මේ දක්වා පැවැති ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි නවයේදීම ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වී ඇති අතර 1998 සිට මේ දක්වා පැවැති කාන්තා ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි අටකදී ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සමත්වී ඇත.

නවසීලන්තය අවස්ථා 6 කදීත් දකුණු අප්‍රිකාව අවස්ථා 2 කදීත් ශ්‍රී ලංකාව එක් අවස්ථාවකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තද ශූරතාවය දිනා ගැනීමට අපොහොසත් වූහ.

 

ශ්‍රී ලංකා කණ්ඩායම
තරිඳු මෙන්ඩිස් (නායක), ඉරෝෂන් ද සිල්වා, රුමේෂ් පෙරේරා, අමිල රත්නායක, රුවන් තලගලගේ, කමල් කුරුප්පු, නිලන්ත විජේකෝන්, තිවංක දාබරේ, සල්මන් ෆාරීස්, කෝලීත හපුආරච්චී, හරේෂ් ද සිල්වා, මාශන් රොඞ්්‍රගූ, අසේල පතිරණ (පුහුණුකරු), ගාමිණී පෙරේරා (කළමණාකරු), අසිත දේව්පුර (සහය කළමණාකරු)

 

 


අදහස් (0)

ගෘහස්ත ක්‍රිකට් ලෝක කුසලාන තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.