ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවති තරගයකින් බදුරලිය කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා කණ්ඩායම සමත්විය. මෙම තරගය සිංහල කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.
ලකුණු 195 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය බදුරලිය කණ්ඩායමේ කී‍්‍රඩකයන් සිව්දෙනෙකුම ලකුණු නොළබා දැවීයාම හේතුවෙන් බදුරලිය ඉනිම ලකුණු 154 කට සීමාවිය. ගුවන් හමුදා පිලේ රවිදු ශාමෙන් ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
හුදෙකලා සටනක නිරත වූ ඇන්ඩි සොලමන්ස් පන්දු 60 ක් තුළදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් සමගින් වේගවත් ලකුණු 93 ක් රැස්කළත් ජයග‍්‍රහණය සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
බදුරලිය කණ්ඩායම ඕවර 46.1 කදී සියලූදෙනා දැවී 194
(සජිත් කැලූම්පි‍්‍රය 68, දුෂාන් විමුක්ති 15, අචිර එරංග 32, රවිදු ශාමෙන් 32/5, ඉමේෂ් උදයංග 27/2)
ගුවන් හමුදා කණ්ඩායම ඕවර 36 කදී සියලූදෙනා දැවී 154
(ඇන්ඩි සොලමන්ස් 93, ලසද රුක්මාල් 58/4, දුෂාන් විමුක්ති 11/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.