ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වීමට එහි සාමාජික අසංක ගුරුසිංහ මහතා තීරණය කර ඇති බවට ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගකින් දැනගන්නට තිබේ.
ගුරුසිංහ මහතා ජාතික කණ්ඩායමේ කළමනාකරු තනතුරේ තව දුරටත් කටයුතු කිරීමට නියමිතය.
ක්‍රිකට් කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික යන තනතුරු දෙකම දැරීම අපහසු බව ගුරුසිංහ මහතා මීට දින කීපයකට පෙර ක්‍රිකට් ආයතනයට දැනුම්දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ ගුරුසිංහ මහතා තේරීම් කමිටු සාමාජිකත්වය දැරීම අපහසු බව දැනුම්දී තිබුණ ද ඉන් ඉවත් වන බවට ඊයේ රාත්‍රී දක්වා නිල වශයෙන් දැනුම්දී නොමැති බවයි.
“ගුරුසිංහ අපිට කිව්වා මේ තනතුරු දෙක එකවර දැරීමේ අපහසුතාවක් තියෙනවා කියලා. මොකද තේරීම් කමිටුවේ තීරණ අරගෙන ක්‍රීඩකයන් ළඟට ගිහින් ඔහුන් සමඟ කටයුතු කරන්න ඕනෙනේ. ඒත් අවසන් තීරණයක් ගෙන තිබුණේ නෑ” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.
ගුරුසිංහ මහතා මෙම වසරේ මුල ශ්‍රී ලංකාවේදී පැවැති බංග්ලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රිකට් කළමනාකරු ලෙස වැඩ බාරගත් අතර පසුව තේරීම් කමිටු සාමාජිකයකු ලෙස ද පත්වීම් ලැබීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.