Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුළයෙන් හොඳ පිළිතුරකට සූදානමක්

ගුරුකුළයෙන් හොඳ පිළිතුරකට සූදානමක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පානදුර රාජකීය විදුහල සහ කැලණිය ගුරුකුළ විදුහල අතර පැවැත්වුණු තරගයේ පළමු දිනය වන ඊයේ (26) දිනය නිමා වන විට පානදුර රාජකීය විදුහල ලබාගත් ලකුණු 216 ට පිළිතුරු වශයෙන් ගුරුකුළ විදුහල ලකුණු 187 කට කඩුලූ 5 සාර්ථක පිළිතුරක් දීමට සූදානම් විය. 

දිනය නිමාවන විට කඩුල්ලේ රැදීසිටි කසුන් මධුෂාන් සහ චානක දිල්ෂාන් පිළිවෙළින් නොදැවී ලකුණු 49 ක් සහ නොදැවී ලකුණු 36 ක් බැගින් ලබාසිටියහ.

තරගය ඊයේ සහ අද (26-27) පානදුරේදී පැවැත්වේ.

පානදුර රාජකීය විදුහල පළමු ඉනිම ඕවර 55.5 කදී සියලූ දෙනාම දැවී 216
(යසිත් චමෝද් 56, හසිත ධනංජය 37, විමුක්ති මධුෂාන් 34, පවන් ඩයස් 22, හෂාන් සිල්වා 17, ලහිරු චාමර 48/4, දමිත හසිත 19/2, ජයමාල් වන්නිආරච්චි 66/2)

ගුරුකුළ විදුහල පළමු ඉනිම ඕවර 36.4 කදී කඩුලූ 5 කට 187
(කසුන් මධුෂාන් නොදැවී 49, ලිසුල ලක්ෂාන් 45, චානක දිල්ෂාන් නොදැවී 36, ළහිරු චාමර 31, හසිත ධනංජය 49/3)

036


අදහස් (1)

ගුරුකුළයෙන් හොඳ පිළිතුරකට සූදානමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.