Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ග්ලැමෝගන් අවසන් පූර්ව වටයට

ග්ලැමෝගන් අවසන් පූර්ව වටයට

Nisanka Sandeepani - 2017 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“නැට්වෙස්ට්” විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කාර්ඩීෆ්හිදී පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ලෙස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකරගත් ග්ලැමෝගන් කණ්ඩායම අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනිමට ඊයේ (23 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ලෙස්ටර්ෂයර් කණ්ඩායමට ඕවර 19.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 123 ක් පමණි. පන්දු 18 කදී හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 28 ක් රැස්කළ ලුක් රොන්චි, ලෙස්ටර්ෂයර් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා විය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රෙග් ජෝසප් ඕවර 4 කදී ලකුණු 17 කට කඩුලු 3 ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් මර්චන්ට් ඩි’ලෑන්ග් ලකුණු 23 කට කඩුලු 2 ක් සහ ග්‍රැහැම් වෝග් ලකුණු 12 කට කඩුලු 2 ක් දවාගැනිමට සමත්වූහ.

ජයග්‍රහණය සදහා ලකුණු 124 ක ඉලක්කයක් හඹාගිය ග්ලැමෝගන් කණ්ඩායම ඕවර 13.4 කදී එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත්විය. වේගවත් පිතිහරඹයක නිරතවූ කොලින් ඉන්ග්‍රාම් පන්දු 43 කදී හයේ පහර පහක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 70 ක් රැස්කළ අතර ජැක් රුඩෝල්ෆ් පන්දු 34 කදී හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස්කිරීමට සමත්විය.

දෙවැනි කඩුල්ල සදහා පන්දු 76 කදී ලකුණු 121 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමටද කොලින් ඉන්ග්‍රාම් සහ ජැක් රුඩෝල්ෆ් සමත්වූහ.


ලෙස්ටර්ෂයර් - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(ලුක් රොන්චි 28, නෙඞ් එකස්ලී 25, ක්‍රෙග් ජෝසප් 17/3, ග්‍රැහැම් වෝග් 12/2, මර්චන්ට් ඩි’ලෑන්ග් 23/2)

ග්ලැමෝගන් - ඕවර 13.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 126
(කොලින් ඉන්ග්‍රාම් නොදැවී 70, ජැක් රුඩෝල්ෆ් නොදැවී 46)


අදහස් (0)

ග්ලැමෝගන් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.