Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් ආයතනයෙන් මසුරන් ඉල්ලමක්

කි‍්‍රකට් ආයතනයෙන් මසුරන් ඉල්ලමක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙසින් කටයුතු කරන්නේ යයි කියනු ලබන අයකුට මාසිකව රුපියල් 75,000 ක දීමනාවක් ගෙවමින් සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පත්කරගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම සම්බන්ධීකරණ නිලධාරියාගේ මූලික වගකීම් වන්නේ ජාතික තේරීම් කමිටුව විසින් තෝරා ගනු ලබන ශී‍්‍ර ලංකා කණ්ඩායම් වලට ප‍්‍රමාදයකින් තොරව කී‍්‍රඩා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගැනීමත්, කි‍්‍රකට් කී‍්‍රඩාව ගම්දනව් වල ප‍්‍රචලිත කිරීම සඳහා කී‍්‍රඩා අමාත්‍යංශයෙන් ප‍්‍රදානය කරනු ලබන කී‍්‍රඩා භාණ්ඩ බෙදා දීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කී‍්‍රඩා අමාත්‍යංශය අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම සහ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් යටිතල පහසුකම් නංවාලීමේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට කී‍්‍රඩා අමාත්‍යංශයේ සහයෝගය ලබාගැනීමත්ය.

ඉතාමත් විශ්වාස කටයුතු, අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි, මෙම සම්බන්ධීකරණ නිලධාරියා පත්කර ඇත්තේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක සභාවේ ප‍්‍රබලයකුගේ ඉල්ලීමක් අනුවය. ඔහු විසින් විධායක සභාව හමුවේ එම ඉල්ලීම කර ඇත්තේ කි‍්‍රකට් විධායක සභා නිලධාරීන් සහ කී‍්‍රඩා ඇමතිවරයා අතර පැවැති දීර්ඝ සාකච්ඡුා වටයකින් අනතුරුවය.

පසුගිය නොවැම්බර් මස 01 වැනිදා සිට වසර දෙකක කාලයක් කි‍්‍රයාත්මක වන පරිදි අදාළ සම්බන්ධීකරණ නිලධාරියාගේ මාසික වැටුප රුපියල් 50,000 ක් වන අතර ඔහුගේ මාසික ප‍්‍රවාහන දීමනාව රුපියල් 25,000 කි. වසර දෙකක කාලයකට පසුව මෙම දීමනා සම්බන්ධයෙන් නැවතත් සලකා බැලෙනු ඇත.

සැප්තැම්බර් මස අගදී පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටු රැස්වීමේදී මෙම පත්කිරීම සඳහා අනුමැතිය හිමිවී තිබේ.

ක‍්‍රීඩා අමාත්‍යංශය නියෝජනය කරමින් එහි නිලධාරියකු විධායක කමිටුවේ සිටියදීම වෙනත් පුද්ගලයකුට මෙවැනි දීමනාවක් ලබාදීම පිළිබඳව තතු දන්නෝ විමතිය පළ කරති. මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සේවකයකු පැවසුවේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කල් මරණ ක‍්‍රිකට් බලධාරීන් ක‍්‍රීඩා ලොක්කන් සතුටු කිරීමට මෙවැනි දැවැන්ත දීමනා ලබාදීමට පසු බවට නොවන බවයි.

”මෙහි පුදුමය විධායක කමිටුවේ ඉන්න සියලූ දෙනාම මේවට අත උස්සන එකනේ. මෙතන ඉන්නවා ක‍්‍රිකට් බේරගන්න කියලා ආපු අයත්. ඒ අයත් දැන් මේවට සහය දෙනවා” යැයි එම සේවකයා වැඩි දුරටත් පැවසීය.


අදහස් (3)

කි‍්‍රකට් ආයතනයෙන් මසුරන් ඉල්ලමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.