Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
30 වැනිදා (ඩුබායි) - ඒ.එෆ්.පී. පුවත්
පාකිස්තානය හමුවේ ලද ලෝක කුසලාන පරාජයෙන් පසුව තම වේග පන්දු යවන්නා වන මොහොමඞ් ශාමිට දෙස් දෙවොල් තැබූ විවේචකයන් වෙත දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළ ඉන්දීය නායක විරාට් කෝලි, සමාජ මාධ්‍ය ඔස්සේ කී‍්‍රඩකයන්ව විවේචනය කරන ”කොන්දක් නැති” ”අවාසනාවන්ත” මිනිසුන් නොවී, තමන් ඇතුළු කී‍්‍රඩකයන් පිට්ටනිය මැදට ගිහින් කී‍්‍රඩා කරන්නේ සාධාරණ හේතුව ඇතිව බව කියා සිටී. සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ ආකාරයට හැසිරීම වර්තමාන සමාජයේ වසංගතයක් බවට පත්වී ඇතැයිද විරාට් කෝලි කියයි.
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දීය සහ පාකිස්තානු කණ්ඩායම් වල පළමු තරගය වූයේ පසුගිය ඉරිදා (24 වැනිදා) පැවැති ඉන්දු- පාකිස්තානු තරගයයි. මෙම තරගයේදී පාකිස්තානු කණ්ඩායම කඩුලූ 10 ක ජයක් ලබාගත් හෙයින් ඉන්දීය පිලේ සිටින එකම මුස්ලිම් කී‍්‍රඩකයා වන මොහොමඞ් ශාමි ඉන්දීය කි‍්‍රකට් ලෝලීන්ගේ ගර්භාවට ලක්විය. සමාජ මාධ්‍ය ඔස්සේ මොහොමඩ් ශාමිට ගැරහූ ඉන්දීය කි‍්‍රකට් ලෝලීහු ඔහු (මොහොමඞ් ශාමි) ද්‍රෝහියකු බවත් කණ්ඩායමෙන් පන්නා දැමිය යුතු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කළහ.
”කිසියම් මිනිසකුට මුහණ දෙන්න බැරිකමට, ඔහු ගර්භාවට ලක්කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තියන ”කොන්දක් නැති” මිනිස්සු වගේ නෙමෙයි, අපි පිට්ටනිය මැද්දට ගිහිල්ලා සෙල්ලම් කරන්නේ සාධාරණ හේතු ඇතිවයි” යයි කී ඉන්දීය නායකයා....
”මේක දැන් සමාජයේ වසංගතයක් වෙලා. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. බලා ඉන්න අප්‍රසන්නයි. මානව හැකියාවේ පහළම මට්ටම මේකයි.... මට මේවා පෙනෙන්නේ මෙන්න මේ විදිහටයි” යයිද පැවසීය.
පාකිස්තානු පිල හමුවේ ලද පරාජයෙන් පසුව තම කණ්ඩායමේ සිටින එකම මුසල්මානුවා ඉලක්ක කරමින් අපහාස උපහාස කිරීම සම්බන්ධයෙන් කෝලි මහත්සේ කෝපාවිශ්ඨව සිටියේය.
”කිසියම් මනුස්සයකුගේ ආගමික ඇදහීම අනුව ඔහුට පහර දීම මිනිහෙකුට කරන්න පුළුවන් පහත්ම දෙයයි.”
”තරගයක් දිනාගන්න පිට්ටනියට ගිහිල්ලා අපි කරන දේවල් සම්බන්ධයෙන් මේ කිසිම කෙනකුට (සමාජ මාධ්‍ය පරිශීලකයන්ට) මෙලෝ වැටහීමක් නෑ. මොහොමඞ් ශාමි පසුගිය අවුරුදු පහේදීම ඉන්දියාව වෙනුවෙන් තරග දිනවලා දීලා තියෙන බව මේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? මතක නැද්ද?”
”ඇත්තම කියනවා නම්, මේ වගේ මිනිස්සු වෙනුවෙන් මගේ විනාඩියක්වත් නාස්ති කරන්න මට ඕන නෑ. ශාමිට වගේම කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයන්ටත් මේ වගේ අය වෙනුවෙන් කාලය නාස්ති කරන්න ඕන නෑ.. අපට තව වැඩ තියෙනවා” යයිද පැවසීය.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව පාකිස්තානය ලබාගත් ජයග්‍රහණයේ සතුට සමරමින් සිටි ඉන්දීය ජාතික මුස්ලිම් ශිෂ්‍යයන් තිදෙනකු සහ ගුරුවරයකුද ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
ලෝක කුසලාන තරග වලදී ඉන්දියාව සහ පාකිස්තානය 13 වතාවක් එකිනෙකා මුණගැසී ඇති නමුත් පාකිස්තානය ජයගත් පළමු අවස්ථාව වූයේ පසුගිය ඉරිදා පැවැති තරගයයි. මෙම තරගයේදී ලබාගත් ජයග්රහණයෙන් පසුව නවසීලන්තය සහ ඇෆ්ඝනිස්ථානය පරාජය කරමින් පාකිස්තානය තරගාවලියේ අවසන් පූර්ව වටය පෙනෙන තෙක් මානයට පිවිස සිටී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.