Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලි කෙරේ විශ්වාසය දිගටම
අයි.පී.එල්.- 2022

කෝලි කෙරේ විශ්වාසය දිගටම

editorial - 2022 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (26 වැනිදා) පැවැති තරගයේදී ආරම්භක පිතිකරුවාගේ භූමිකාව නිරූපණය කළද දිගින් දිගටම අසාර්ථකවීම වළකා ගැනීමට විරාට් කෝලී අසමත් විය. පිට පිට තරග දෙකකදීම, මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී යාමෙන් පසුව ඊයේ තරගයේදී පන්දු 10 කදී කෝලිට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 9 ක් පමණි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේදී කෝලි ක්‍රීඩා කළ තරග 9 කදී ඔහුගේ ලකුණු ලබාගැනීම් සටහන් වන්නේ නොදැවී 41 ක්, 12 ක්, 5 ක්, 48 ක්, 1 ක්, 12ක්, 00 ක්, 00 ක් සහ 9 ක් වශයෙනි. ඔහු ඉනිම 9 කදී ලකුණු 10 ට අඩුවෙන් දැවී ගිය 5 වැනි අවස්ථාව ලෙස එය වාර්තා වෙයි.

කෝලිගේ ප්‍රධානත්වයෙන් යුත් මැද පෙළ අසාර්ථකවීම කනස්සල්ලට කරුණක් වූ නමුත් මෙවර තරගාවලියේ අවසානයට පෙර ඔහුගේ පසුබෑම අවසන් කරමින් වඩාත්ම පළපුරුදු පිතිකරුවා ඉදිරියට පැමිණෙනු ඇතැයි ප්‍රධාන පුහුණුකරු සංජේ බංගාර් මහතා බලාපොරොත්තුවෙන් සිටින්නේය.

“කෝලිගේ දස්කම් සම්බන්ධයෙන් ගත් කල, ඔහු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු මීට පෙර බොහෝ වාරයක් වැටීම් වලට වගේම නැඟිටීම් වලට මුහුණ දීලා තියෙනවා. මම ඔහුව සමීපව නිරීක්ෂණය කරලා තියෙනවා. ඉදිරි තීරණාත්මක තරග වලදී ඔහු අපට තරග ජයග්‍රහණය කිරීමට උදව් කරයි” යැයි බන්ගාර් මහතා වැඩිදුරටත් පැවසීය.

“ඔහු මෙවර තරගාවලියේදී අඩු ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තත් ඔහු මානසිකව ඉතා ශක්තිමත්. ඔහුට වඩා හොඳින් ලකුණු ලබා ගනිමින් දස්කම් දැක්වීමට හැකි වෙයි.”
“ෆෆ් ඩු ප්ලෙසිස්ගේ සහායක ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ අනුජ් රාවට් ලකුණු අතරට නොපැමිණිම හේතුවෙන් කෝලි පිතිකරු ලයිස්තුවේ ඉහළ නැංවීමට අවශ්‍ය වුනා.

කෝලි නැවත ආරම්භක පිතිකරුගේ ස්ථානයට ගෙන ඒමට අපි පියවර ගත්තේ හොඳම පිතිකරුවන් ඉක්මනින්ම තරගයට අවතීර්ණ කිරීමේ උත්සහයක් විදියටයි” යැයි බන්ගාර් මහතා පැවසීය.

“අවංකවම අපි එක පුද්ගලයෙක් මත යැපෙන්නේ නැහැ. අපි දිනපු තරග බලපු ඕන කෙනෙක්ට ඒක තේරෙනවා”

“අපි ඇත්තටම දියුණු කිරීමට බලාපොරොත්තු වන්නේ එයයි, එවිට ඕනෑම කෙනෙකුට අවස්ථාවක් ලබාගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යා හැකියි. දිනේෂ් කාර්තික්, ෆෆ් ඩු ප්ලෙසිස් සහ මැක්ස්වෙල් ඒක හොඳට කරනවා අපි දැක්කා. පළමු ඕවර හය පිතිහරඹයට බොහෝ අපහසුයි. හුඟක් මුල් පෙළ පිතිකරුවන් දැඩි අසීරුතාවකට පත්වුනා. නමුත් අපි එය නිවැරදිව කළහොත්, නිසැකවම ඔබට අපෙන් හොඳ දස්කම් දකින්න පුලුවන් වෙයි”

කෙසේ වෙතත් කෝලිගේ ක්‍රිකට් දිවිය දික්කර ගැනීමට නම් ඔහුට විවේකයක් අවශ්‍ය බවත්, තේරීම් කමිටු විසින් මෙය තේරුම් ගතයුතු බවත් කෝලිගේ විශ්වාසවන්ත උපදේශකයෙකු වන හිටපු ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රි මහතා පවසා ඇත.


- 2079

 


අදහස් (0)

කෝලි කෙරේ විශ්වාසය දිගටම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.