Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝලිට තවත් දඬුවම් ලකුණක්

කෝලිට තවත් දඬුවම් ලකුණක්

editorial - 2019 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව බැංගලෝර්හිදී පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී වේගපන්දු යවන ක්‍රීඩක බියුරන් හෙන්ඩි්‍රක්ස්ගේ උරහිසේ හිතාමතාම ගැටීම සම්බන්ධයෙන් වරද පිළිගත් ඉන්දීය නායක විරාට් කෝලිට දඩුවම් ලකුණක් පැනවීමටත් නිල අනතුරු ඇඟවීමක් කිරීමටත් තරග තීරක රිචී රිචඞ්සන් මහතා තීරණය කළේය.

ඉන්දීය ඉනිමේ පස්වැනි ඕවරයේදී කෝලි ලකුණක් ලබාගැනීමට යාමේදී පන්දු යැවූ බියුරන් හෙන්ඩි්‍රක්ස්ගේ උරහිසේ ගැටී තිබේ. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ආචාරධර්ම පද්ධතියේ 2.12 වන වගන්තිය උල්ලංඝණය කිරීමෙන් පළමු මට්ටමේ වරදකට කෝලි චෝදනා ලැබීය. ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයකුගේ, පුහුණු කාර්ය මණ්ඩලයේ අයෙකුගේ, විනිසුරුවරුන්ගේ, තරග තීරකගේ හෝ තරග නරඹන්නකුගේ ඇඟේ සිතා මතා ගැටීම ආචාරධර්ම පද්ධතියේ 2.12 වන වගන්තිය උල්ලංඝණය කිරීමකි.

2016 සැප්තැම්බර් මාසයේදී දඩුවම් ලකුණු ක්‍රමය හඳුන්වා දීමෙන් අනතුරුව දඩුවම් ලකුණු 3 ක් කෝලිට හිමිව තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදි එක් දඩුවම් ලකුණු හිමිවූ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරගයේදී තවත් දඩුවම් ලකුණක් කෝලිට හිමිවිය.

තවත් මාස 24 ක් තුල දඩුවම් ලකුණු සංඛ්‍යාව 4 ක් හෝ ඊට වැඩි ගණනක් වුවහොත් එය අත්හිටුවීමේ ලකුණු බවට පරිවර්ථනයවේ. දඩුවම් ලකුණු 4 ක් අත්හිටුවීමේ ලකුණු 2 කට සමාන වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රීඩකයකුට එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 2 ක් හෝ විස්සයි20 තරග 2 ක තහනමකට ලක්වේ.

විරාට් කෝලී වරද පිළිගැනීමත්, තරග තීරක රිචී රිචඞ්සන් මහතා ලබාදුන් දඩුවම පිළිගැනීමත් හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව මෙම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන නොයෑමට තීරණය කර තිබේ.

...


අදහස් (0)

කෝලිට තවත් දඬුවම් ලකුණක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.