ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (17 වැනිදා) පැවති තරගයකදී යුධ හමුදා පිල පරදවා ලකුණු 73 කින් ජය ගැනීමට කෝල්ට්ස් පිල අද සමත්විය. මෙම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
යුධ හමුදා පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට කෝල්ට්ස් පිලට ආරාධනා කල අතර ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 226 ක් පමණි. පන්දු 93 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 90 ක් රැුස් කිරීමට සචිත් පතිරණ සමත්විය.
ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය යුධ හමුදා පිල ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 153 ක් පමණී. මෙම පරාජයත් සමගින් යුධ හමුදා පිලට අර්ධ අවසාන වටයට පිවිසීමේ බලාපොරොත්තු බිද වැටිනි. කෝල්ට්ස් පිල කි‍්‍රඩ කල තරග හයම ජය ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ලබා සිටී.
කෝල්ට්ස් ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 226
(සචිත් පතිරණ නොදැවී 90, භානුක රාජපක්ෂ 37, රොෂේන් සිල්වා 36, චතුර දමිත් 32/3, ජනිත් සිල්වා 54/3)
යුධ හමුදා පිල ඕවර 44.2 කදී සියලූ දෙනා දැවී 153
(මොහොමඞ් ෆේෂාල් 32, මිලින්ද සිරිවර්ධන 24/2, අකිල ධනංජය 25/2, ඉෂාන් ජයරත්න 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.