Last Update  :  2026-03-25 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෝට්ටේ සටන ශූරතා පළිහ එළි දක්වයි

කෝට්ටේ සටන ශූරතා පළිහ එළි දක්වයි

editorial - 2026 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහා විදුහල හා කෝට්ටේ සාන්ත තෝමස් විදුහල අතර‘කෝට්ටේ සටන‘ මහ ක්‍රිකට් තරගයේ ශූරතා පළිහ එළි දැක්වීමේ මාධ්‍ය හමුව සී.එම්.එස්.විදුහලේදී දෙවිදුහලේ විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

මෙම වසරට නියමිත 47 වැනි කෝට්ටේ සටන මහ ක්‍රිකට් තරගය මාර්තු 27 - 28 යන දිනවල කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. කෝට්ටේ සටන මහ ක්‍රිකට් තරගයේ මුලාරම්භය 1919 දක්වා ඈතට දිව ගියත් එය අතරමග ඇණ හිටීමෙන් පසුව එහි නූතන ආරම්භය ලෙස සැලකෙන්නේ 1950 වසරයි.එහිදීත් මෙම මහ තරගය විටින් විට අත් හිටුවීමට සිදුව තිබේ.1919 සමාරම්භක මහ තරගයේදී ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ කේ.ජේ. රණසිංහ මහතාට උපහාර පිණිස කේ.ජේ.ිරණසිංහ අනුස්මරණ කුසලාන වෙනුවෙන්‘ කෝට්ටේ සටන මහ තරගය පැවැත්වේ.

කෙසේවූවත් කෝට්ටේ සටන මහ තරගය අඛණඩව පවත්වා ගෙන යාමට දෙවිදුහලේ ඒකාබද්ධ සංවිධායක කමිටුව මේ වන විට උනන්දුවී සිටියි.

මෙතෙක් පැවැති නූතන කෝට්ටේ සටන මහ තරග ඉතිහාසයේ සී.එම්.එස්. ජයවර්ධනපුර විදුහල පසුගිය වසරේ මහ තරගයද ඇතුළුව මහ තරග 10 ක් දිනා ඇති අතර කෝට්ටේ සාන්ත තෝමස් විදුහල ජය ගෙන ඇති මහ තරග ගණන හයකි.ඔවුන්ගේ අවසන් මහ තරග ජය 2003 වසරේදී වාර්තා විය.

 


අදහස් (0)

කෝට්ටේ සටන ශූරතා පළිහ එළි දක්වයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.