වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායමට එරෙහිව ලකුණු 57 ක ජයක් අත්කර ගැනීමට කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම අද (19 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ ලකුණු 32 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කොමර්ෂල් ක්‍රෙඩිට් - ඕවර 34.2 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(ඩිල්ෂාන් මුණවීර 45, සචිත් පතිරණ 34, ඉමේෂ් උදයංග 28, චාමිකර එදිරිසිංහ 32/5, විකුම් සංජය 54/3, ඉශාන් ජයරත්න 13/2)
ජෝන් කීල්ස් - ඕවර 29.3 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(මදුශාන් රවිචන්ද්‍රකුමාර් නොදැවී 34, ඉශාන් ජයරත්න 25, අසිත ප්‍රනාන්දු 17/3, සුරාජ් රංදීව් 21/2, සචිත් පතිරණ 22/2, ඉමේෂ් උදයංග 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.