Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව් පිලට කඩුලු 10 ක ජයක්

කොදෙව් පිලට කඩුලු 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටි‍්‍රනිඩෑඞ්හි කුවීන්ස්පාර්ක්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලූ 10 ක ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වනවිට 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්ව තිබේ. දෙරට අතර පැවති පළමු තරගයෙන් නවසීලන්ත පිල ලකුණු 186 ක ජයක් වාර්තා කළේය.

තරගයේ අවසන් දිනයවූ ඊයේ (20 වැනිදා) ජයග‍්‍රහණය සඳහා ලකුණු 93 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් පිල  ඕවර 13.2 ක් තුළ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී වේගවත් ඉනිමක් කී‍්‍රඩා කළ කි‍්‍රස් ගේල් පන්දු 46 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 80 ක් රැස්කරමින් කොදෙව් පිලේ ජයග‍්‍රහණය ඉක්මන් කළේය.

ලකුණු 239 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ නවසීලන්ත පිල සියලූ දෙනා දවී ලකුණු 331 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ කඩුලූ 8 ක් ලකුණු 212 ක් තුළ දවාගැනීමට කොදෙව් පන්දුයවන්නන් සමත්වූ නමුත් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙන් වෙට්ලිිං (නොදැවී 66) සහ මාර්ක් කැරිං (67) තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

දැවී ගිය කඩුලූ 10 න් 6 කටම හිමිකම් කීමට කොදෙව් පිලේ් ප‍්‍රධානතම වේග පන්දුයවන්නෝ දෙදෙනා වන ජෙරම් ටේලර් (73/2) සහ කේමර් රෝච් (74/4) සමත්වුහ.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් පිල සියලූ දෙනා දැවී ලකුණු 460 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (129) සහ ඩැරන් බ‍්‍රාවෝ (109) ශතක රැස්කිරීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 182 කි.

පන්දු 258 කින් වාර්තා වූ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්ගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුලත් වූ අතර පන්දු 155 කින් වාර්තා වූ ඩැරන් බ‍්‍රාවෝගේ ඉනිමට හයේ පහර 4 ක් හ හතරේ පහර 11 ඇතුලත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී 221 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතම් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 82 ක් රැස්කළේය. රොස් ටේලර් ලකුණු 45 ක් ලබා නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටියේය.

ජෙරම් ටේලර් කඩුලූ 4 ක් සහ සුලෙයිමන් බෙන් 3 ක් බැගින් දවාගනිමින් නවසීලන්ත පිල අසරණ කළහ.

නවසීලන්තය පිල පළමු ඉනිම -  ඕවර 74.4 කදී සියලූ දෙනා දැවී 221
(ටොම් ලේතම් 82, කේන් විලියම්සන් 42, රොස් ටේලර් නොදැවී 45, ජේම්ස් නීෂම් 15, ජෙරම් ටේලර් 34/4, සුලෙයිමන් බෙන් 73/3, ෂැනෝන් ගේබි‍්‍රයල් 43/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම - ඕවර 137.1 කදී සියලූ දෙනා දැවී 460
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 129, කර්ක් එඞ්වඞ්ස් 55, ඩැරන් බ‍්‍රාවෝ 109, ශිව්නරින් චන්ද්‍රපෝල් 47, ජර්මයින් බ්ලැක්වුඞ් 63, ඩිනේෂ් රැම්ඩින් 32, ඉෂ් සෝදි 96/4, ටෙ‍්‍රන්ට් බෝල්ට් 75/3)

නවසීලන්තය පිල දෙවැනි ඉනිම - ඕවර 152 කදී සියලූ දෙනා දැවී 331
(ටොම් ලේතම් 36, කේන්, විලියම්සන් 52, රොස් ටේලර් 36, බෙන් වෙට්ලිං නොදැවී 66, මාර්ක් කැරිං 67, කේමර් රෝච් 74/4, ෂැනෝන් ගේබි‍්‍රයල් 66/2, ජෙරම් ටේලර් 73/2, සුලෙයිමන් බෙන් 78/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙැවැනි ඉනිම - ඕවර 13.2 කදී කිසිවකු නොදැවී 95
(කි‍්‍රස් ගේල් නොදැවී 80)


- 036


අදහස් (0)

කොදෙව් පිලට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.