Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කොදෙව්වෝ ඉදිරියට එති

කොදෙව්වෝ ඉදිරියට එති

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ටි‍්‍රනිඩෑඞ්හි කුවීන්ස් පාර්ක්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ ඊයේ (17 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලූ 5 දැවී ලකුණු 310 ක් ලබා සිටියේය.

ඒ අනුව ඔව්හු තවත් කඩුලූ 5 ක් අතැතිව පළමු ඉනිමේදී නවසීලන්ත පිලට වඩා ලකුණු 89 ක් ඉදිරියෙන් සිටිති.

පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් (129) සහ ඩැරන් බ‍්‍රාවෝ (109) ශතක රැස්කිරීමට සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ සම්බන්ධතාව ලකුණු 182 කි.

පන්දු 258 කින් වාර්තා වූ කේ‍්‍රග් බ‍්‍රැත්වයිට්ගේ ලකුණු 129 ට හතරේ පහර 13 ක් ඇතුළත් වූ අතර පන්දු 155 කින් පැමිණි ඩැරන් බ‍්‍රාවෝගේ ලකුණු 109 ට හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී 221 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතම් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 82 ක් රැුස්කළේය. රොස් ටේලර් ලකුණු 45 ක් ලබා නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටියේය.

ජෙරම් ටේලර් කඩුලූ 4 ක්ද සහ සුලෙයිමන් බෙන් කඩුලූ 3 ක්ද දවාගනිමින් නවසීලන්ත ඉනිම ලකුණු 221 කට සීමා කෙරිණ.

නවසීලන්තය පිල පළමු ඉනිම ඕවර 74.4 කදී සියලූ දෙනා දැවී 221
(ටොම් ලේතම් 82, කේන් විලියම්සන් 42, රොස් ටේලර් නොදැවී 45, ජමී නීෂම් 15, ජෙරම් ටේලර් 34/4, සුලෙයිමන් බෙන් 73/3, ශනෝන් ගේබි‍්‍රයල් 43/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 91 කදී කඩුලූ 5 දැවී 310
(කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් 129, කිර්ක් එඞ්වඞ්ස් 55, ඩැරන් බ‍්‍රාවෝ 109, ටෙ‍්‍රන්ට් බෝල්ට් 30/2)

036


අදහස් (0)

කොදෙව්වෝ ඉදිරියට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.