Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කෘස්පුල්ලේ ඡන්ද ලක්ෂ 2 ආසන්නයේ

කෘස්පුල්ලේ ඡන්ද ලක්ෂ 2 ආසන්නයේ

Nisanka Sandeepani - 2017 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා (2017) තේරීමේ තරගයේ 22 වැනි සතිය නිමාවන විට සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෘස්පුල්ලේ ඡන්ද 200,000 සීමාවට ආසන්න වී සිටියි. ගෙවී ගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 31,740 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුලු ඡන්ද සංඛ්‍යාව 197,029 කි. ඒ අනුව ඔහුට ඡන්ද 200,000 සීමාව පසුකර යෑමට අවශ්‍යව ඇත්තේ තවත් ඡන්ද 2971 ක් පමණි. 

සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ නවිඳු නිර්මාල්, මේ වන විට ඡන්ද 138,454 ක් ලබා සිටින අතර ගෙවීගිය සතිය තුළදී ඔහු ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2249 කි. ඒ අනුව ඔහු සහ ලසිත් අතර ඡන්ද සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පැවැති ඡන්ද පරතරය 29,084 සිට 58,575 ක් දක්වා වැඩි වී තිබේ. තරගය අවසන් වීම සඳහා ඇත්තේ තවත් සති 5 ක් පමණක් බැවින් එම සති 5 තුළදී වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීම සඳහා මෙම ක්‍රීඩකයන් දෙදෙනා අතර ඉතා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය. 

මරදාන සහිරා විදුහලේ මොහොමඞ් නජත් ඡන්ද 62,207 ක් ලබා සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර ගෙවී ගිය සතිය තුළදී ඔහු සිය ඡන්ද ගොන්නට අලුතින් එක්කර ගෙන ඇත්තේ ඡන්ද 289 ක් පමණි. 

පානදුර ශ්‍රී සුමංගල විදුහලේ පුලිත යසස් ඡන්ද 4319 ක් ලබාගනිමින් නැගී එන කාණ්ඩයේ පෙරමුණ රැකගෙන සිටින අතර පාදුක්ක සිරි පියරතන විදුහලේ ප්‍රභාෂ් මඳුරංග ඡන්ද 2465 ක් ලබාගනිමින් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියි. 

ඉකුත් සතියේදී අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණට පැමිණි විචර්ලි ජාත්‍යන්තර පාසලේ තාරික් හනීෆ් මේ වන විට ඡන්ද 522 ලබා සිටින අතර එම සතියේදී දෙවැනි ස්ථානය දක්වා ඇද වැටුණ ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 402 ක් ලබා සිටියි. 

මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ‘ලංකාදීප’, ‘අද’, ‘ඬේලි මිරර්’ සහ ‘ඬේලි එෆ්.ටී.’ යන දිනපතා පුවත්පත් වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සති අන්ත පුවත්පතේද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන ජූලි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ. අන්තර් ජාලය ඔස්සේ මනාප පළකරන්නන්ට ‘www.dialog.lk/cricket’  වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා අවස්ථාව උදා කරගත හැකිය. 

ප්‍රතිඵල ලේඛණය

සමස්ත ලංකා පාසල් කාණ්ඩය 
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
ලසිත් කෘස්පුල්ලේ මීගමුව මාරිස්ටෙලා විදුහල 197,029
නවිඳු නිර්මාල්  ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල  138,454
මොහොමඞ් නජත්  මරදාන සහිරා විදුහල  62,207
චරණ නානායක්කාර  කොළඹ තර්ස්ටන් විදුහල 10,497
සන්තුෂ් ගුණතිලක  බම්බලපිටිය ශාන්ත පීතර විදුහල  9207
දිනිත බස්නායක  කොටහේන ශාන්ත බෙනඩික් විදුහල  6767
රොමේෂ් නල්ලපෙරුම  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල  6415
හේලිත විතානගේ  කොළඹ රාජකීය විදුහල 1838
නිකේෂ් අංජන  ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 1702
මොහොමඞ් රිෆාස්  ජනාධිපති විදුහල  1373
නැගී එන පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
පුලිත යසස්  පානදුර ශ්‍රී සුමංගල විදුහල  4319
ප්‍රභාෂ් මඳුරංග  පාදුක්ක සිරි පියරතන විදුහල  2465
සහන් පෙරේරා  පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල  495
ඉමේෂ් බස්නායක ගම්පහ ශාන්ත පීතර විදුහල  305
ගිම්හාන ධනුෂාන්  පිළියන්දල මැදි විදුහල 130
නිපුන රංසික පී. ද එස්. කුලරත්න විදුහල  98
මෙතුෂාන් තිළිණ  කෑගලු විද්‍යාලය  84
සුමින්ද ලක්ෂාන්  මෝදර ද ලාසාල් විදුහල 51
රවීන් යසස්  රත්ගම දේවපතිරාජ විදුහල 44
හිරුෂ මෙන්ඩිස්  බලපිටිය ශ්‍රී සිද්ධාර්ථ විදුහල  32
තිසර දිල්ෂාන්  පොළොන්නරුව ජාතික පාසල  8
ශෘෂී අධිෂ්ඨාන  කුරුණෑගල ශාන්ත බර්නඩෙත් විදුහල  1
අන්තර් ජාතික පාසල් කාණ්ඩය
ක්‍රීඩකයා   පාසල  ඡන්ද
තාරික් හනීෆ්  විචර්ලි ජාත්‍යන්තර පාසල  522
ශිම්රාස් ශාහිල්   ඇලීතියා ජාත්‍යන්තර පාසල   402

 

පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ 

1 දර්ශන ලෙව්කේ බණ්ඩාර, 41/31, එපිටමුල්ල පාර, පිටකෝට්ටේ 
2 ගයාන් ජිනදාස, 20, දඹහේන පාර, මහරගම 
3 ඩී. කේ. මදනායක, ‘කුසුම්’, අන්නාසිදූව, පනාගමුව, චන්චාවෙල, ගාල්ල 
4 සුමිත්‍රා මල්කාන්ති, 20, සිල්වර් ක්‍රෙස්ට්, යටියන පාර, කෙකනදුර
 

-036 


අදහස් (0)

කෘස්පුල්ලේ ඡන්ද ලක්ෂ 2 ආසන්නයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.