Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාලෝස් බ්‍රැත්වෙයිට් ඉවතට

කාලෝස් බ්‍රැත්වෙයිට් ඉවතට

editorial - 2021 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


විස්සයි-20 ක්‍රීඩාවේ වත්මන් ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලබන මාසයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා නම්කරන ලද 15 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් කාලෝස් බ්‍රැත්වෙයිට් ඉන් ඉවත්කර ඇත. අවසන් වරට පැවැති (2016) විස්සයි20 ලෝක කුසලාන අවසන් තරගයේ අවසාන ඕවරයේදී බෙන් ස්ටොක්ස්ට පිට පිට හයේ පහර 4 ක් එල්ල කරමින් තම කණ්ඩායමට කුසලානය දිනා දුන්නේද බ්‍රැත්වෙයිට්මය.

කෙසේ වෙතත් 2015 න් වසර 6 කට පසුව පළමු වරට සංචිතයට කැඳවූ රවී රාම්පෝල්ට මෙවර විස්සයි20 ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිව ඇත. එහෙත් කොදෙව් පිලේ සිටින ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයකු මෙන්ම හිටපු නායක ජේසන් හෝල්ඩර් ඇතුළත්ව ඇත්තේ අතිරේක ක්‍රීඩකයන්ගේ ලයිස්තුවටය.
“රවී පළමු ඕවර කිහිපයේදී වේගයෙන් පන්දුවට පහරදෙනවා වගේම ඉනිම මැදදීද කඩුලු දවා ගැනීමේ හැකියාව වැඩි කරන ක්‍රීඩකයෙක්. අනෙක අවසන් ඕවර සඳහාත් ඔහුව යොදාගන්න පුළුවන්” යැයි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී රොජර් හාපර් මහතා පැවසීය.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දස්කම් දක්වමින් පළමු වරට විස්සයි20 සංචිතයට කැඳවීමක් ලබා ගත් රොස්ටන් චේස් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ තවත් කැපී පෙනෙන නමක් වන්නේය.

”රොස්ටන් චේස් පෙන්නුම් කර ඇත්තේ ඔහු ඉතා දක්ෂ විස්සයි20 ක්‍රීඩකයෙකු බවයි. අඩු නිළකුණු පන්දු ප්‍රතිශතයක් සමඟ වේගයෙන් ලකුණු රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ හැකියාව ඔහු පෙන්නුම් කරලා තියෙනවා. ඔහු කණ්ඩායමේ ප්‍රවේගකාරී ක්‍රීඩකයින් අතර තවත් ක්‍රීඩකයකු වනු ඇති” යැයි රොජර් හාපර් මහතා වැඩිදුරටත් පැවසීය.

තරගාවලිය ආරම්භ කරමින් බටහිර ඉන්දීය කොදෙව් පිල ඔක්තෝබර් 23 දා එංගලන්තයට එරෙහිව ඩුබායිහිදී තරග කිරීමට නියමිතව ඇත.


බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
කරන් පොලාර්ඩ් (නායක), නිකලස් පූරන් (උප නායක), ෆේබියන් ඇලන්, ඞ්වේන් බ්‍රාවෝ, රොස්ටන් චේස්, ඔන්ඩි්‍ර ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්, ෂිම්රන් හෙට්මියර්, එවින් ලූවිස්, ඔබෙඩ් මැකෝයි, ලෙන්ඩ්ල් සිමන්ස්, රවි රාම්පෝල්, ඔන්ඩ්‍රි රසල්, ජූනියර් හේඩ්න් වොල්ෂ් .

අතිරේක ක්‍රීඩකයෝ
ඩැරන් බ්‍රාවෝ, ෂෙල්ඩන් කොට්ට්‍රල්, ජේසන් හෝල්ඩර් සහ අකීල් හොසේන්

- 2079


අදහස් (0)

කාලෝස් බ්‍රැත්වෙයිට් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.