Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා යොවුන් වි-20 තරගාවලිය හෙට සිට

කාන්තා යොවුන් වි-20 තරගාවලිය හෙට සිට

editorial - 2022 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වතාවට සංවිධානය කරන කාන්තා යොවුන් (විස්සයි-20) ක්‍රිකට් තරගාවලිය හෙට (06 වැනිදා) දඹුල්ලේදී ආරම්භ වෙයි.

තරගාවලිය ආරම්භ කරමින් කොළඹ උතුර සහ කොළඹ දකුණ කණ්ඩායම් හෙට පෙරවරු 9.30 ටද, ගාල්ල සහ ගාල්ල (පිටත) කණ්ඩායම් පස්වරු 2.00 ටද තරග වැදීමට නියමිතය. මේ මස 14 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලිය තරග 15 කින් සමන්විත වේ.

තරගාවලියේ සියලුම තරග රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය සඳහාම නම්කරන ලද කණ්ඩායම් 6 ක් නියෝජනය කරමින්, ක්‍රීඩිකාවෝ 78 දෙනෙක් තරගාවලියට සහභාගි වෙති. ඔවුන් කොළඹ දකුණ, කොළඹ උතුර, ගාල්ල, ගාල්ල (පිටත), මහනුවර සහ දඹුල්ල යන ආකාරයෙන් කණ්ඩායම් වලට බෙදා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ජාතික දස්කම් මංපෙත’ වැඩසටහන අනුව, පාසල්, දිස්ත්‍රික් සහ පළාත් වශයෙන් මෙම ක්‍රීඩිකාවන් තෝරාගනු ලැබ ඇත.

ලබන වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත කාන්තා යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට මෙම තරගාවලිය යොදා ගැණෙනු ඇත.


අදහස් (0)

කාන්තා යොවුන් වි-20 තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.