Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ලොක්කෝ සාකච්ඡාවක් කැඳවති

ක්‍රිකට් ලොක්කෝ සාකච්ඡාවක් කැඳවති

editorial - 2020 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

 
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහපරිමාණ ක්‍රිකට් තරගාවලි සඳහා සිදුවිය හැකි මූල්‍ය හානි වලින් මිදීමේ මගක් සෙවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ප්‍රධානීහූ මේ සතිය තුළ සාකච්ඡා කිරීමට සූදානමින් සිටිති. වීඩියෝ ඇමතුම් ඇසුරින් හෙට (23 - බ්‍රහස්පතින්දා ) පැවැත්වෙන එම සම්මන්ත්‍රණය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජික රටවල් 12 හි ප්‍රධාන විධායකයෝ මෙන්ම සහායක නියෝජිතයෝ තිදෙනෙක්ද එක්වෙති.
 
එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සහ ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියේ ආරම්භයන් කොවිඩ්-19 වයිරසය පැතිරයෑම හේතුවෙන් දැනටමත් ප්‍රමාද වී තිබේ.

කොරෝනා වයිරසයේ බලපෑමට හසුවූ අලුත්ම තරගාවලිය වන්නේ දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර ජුනි මාසයේදී පැවැත්වීමට නියමතව තිබූ සීමිත ඕවර තරගාවලියයි. මෙම තරගාවලිය එක්දින තරග 3 කින් සහ විස්සයි-20 තරග 3 කින් සමන්විත විය.

කොරෝනා වසංගත තත්ත්වය මේ වසරේ ඔක්තෝබර් මා‍සයේ ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියටද තර්ජනයක් විය හැකි යැයිද විචාරකයෝ පවසති. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝබර් මස 18 වැනිදා ඕස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිතය.
 
ක්‍රිකට් නොමැතිව 2020 ගිම්හානය නිමා කිරීමට සිදුවුවහොත් එයින් සිදුවන හානිය පවුම් මිලියන 300 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 373 කට වැඩි වැඩි මිස අඩු නොවන බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩ‍ලයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන් මහතා අනතුරු අඟවා තිබේ. මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි මූල්‍ය පාඩුවට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එහි ඇතැම් සේවකයන් සේවයෙන් ඉවත්කර ඇතැයිද වාර්තා වේ.
 
ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගාවලි කිහිපයක්ම කල්දැමීමට සිදුවීම හේතුවෙන් ලබන වසරේ ලෝඩ්ස්හි පැවැත්වීමට නියමිත එම ශූරතාවලියේ අවසන් මහ තරගයද ප්‍රමාද වනු ඇත.
 
බ්‍රහස්පතින්දා පැවැත්වෙන සම්මන්ත්‍රණය සාමූහික ක්‍රියාවලියක පළමු පියවර වනු ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මනූ සෝව්නි මහතා පැවසීය.
 
“අපි දැනුම බෙදාහදා ගත යුතුයි. ඒ අතරම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා කළ යුතු දේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනඟා ගත යුතුයි.” යැයි ඔහු පැවසීය.
 
“රටවල් විවිධ අවස්ථා වලදී, විවිධ ආකාරවලින් නැවත විවෘත කිරීමට පටන් ගනීවි. අප එයට ගරු කළ යුතුයි..... එවැනි අවස්ථාවක අවදානම් අවම කර ගත හැකි නිවරදි තීරණ ගැනීමට අපට මේ පිළිබඳව පූර්ණ දෘෂ්ටියක් තිබිය යුතුයි.” යැයිද හෙතෙම කියා සිටියේය.
 
-036

අදහස් (0)

ක්‍රිකට් ලොක්කෝ සාකච්ඡාවක් කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.