Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනකු ඇගයීම වෙනුවෙන් ප්‍රධාන ක්‍රීඩාංගණ දෙකක ප්‍රේක්‍ෂකාගාර 5 ක් එම ක්‍රීඩකයන් වෙනුවෙන් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව තීරණය කර තිබේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර තුනක් හිටපු නායකයන් වන අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා සහ මහේල ජයවර්ධන ප්‍රේක්‍ෂකාගාර ලෙසද, මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්‍ෂකාගාර දෙකක් කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් ප්‍රේක්‍ෂකාගාර ලෙස ද, නම් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ අදාල ක්‍රීඩකයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කලක සිට අවශ්‍යව තිබූ බවත් මෙය එහි එක් පියවරක් පමණක් බවත්ය.
නිමන්ත Friday, 25 October 2019 12:22 PM
ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් තව ඉන්නවා නේද? ඔවුන්ටත් සාධාරණයක් කලොත් හොදයි නේද?
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.