Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් නිති සංග්‍රහය විනිසුරුවරුන් අතට

ක්‍රිකට් නිති සංග්‍රහය විනිසුරුවරුන් අතට

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් විනිසුරුවන්ගේ ගුණාත්මක භාවය මෙන්ම ක්‍රිකට් නීතිය සම්බන්ධව ඔවුන්ගේ අවබෝධය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ක්‍රිකට් විනිශ්චය සහ ලකුණු සටහන් ක්‍රමවේදය පිළිබඳ නීති ඇතුළත් ‘ටොම් ස්මිත්’ මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය පළමු ශේණියේ ක්‍රිකට් විනිසුරුවන් වෙත බෙදාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.  

සමස්ත ලෝකයමට ක්‍රිකට් නීති සම්පාදය කරනු ලබන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (එම්.සී.සී.) විසින් මුද්‍රණය කරන ලද මෙම ‘ටොම් ස්මිත්’ ග්‍රන්ථය 2017 වසරේ සිට 2019 දක්වා සිදුකර ඇති සියළුම ක්‍රිකට් නීති සංශෝධනයන් ආවරණය වන අයුරින් සකස් කර තිබේ.

පළමු පෙළ ක්‍රිකට් විනිසුරුවරුන් වෙත මෙවැනි ග්‍රන්ථයක් පිරිනමන ලද පළමු අවස්ථාව මෙය වන අතර  මෙම ග්‍රන්ථ පිරිනැමීම හරහා විනිසුරුවන්ට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති සියළුම ක්‍රිකට් සංශෝධනයන් පිළිබඳ වූ සවිස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක අවබෝධයක් ලබාගැනීමේ වටපිටාව නිර්මාණය කර දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුව බවට පත්ව තිබේ.

මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම හරහා විනිසුරුවරුවන්ට ක්‍රිකට් නීතිය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබා ගැනීමට හැකිවන අතර ක්‍රිකට් නීති සම්බන්ධව ගැටළු පැන නගින අවස්ථාවන්හිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවද උදා වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටුව සහ දේශීය ක්‍රිකට් මෙහෙයුම් ඒකකය එක්ව සිදුකරන ලද මෙම ග්‍රන්ථ ප්‍රදානය ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරුණු අතර එහිදී පළමු පෙළ තරග විනිශ්චයේ යෙදී සිටින විනිසුරුවන් 22 දෙනෙකුට සහ ක්‍රිකට් දැනුම බෙදාදීම වෙනුවෙන් ක්‍රිකට් පළාත් 4 වෙනුවෙන් පත්කර ඇති විනිසුරු උපදේශකයින් සිව්දෙනාට මෙම ග්‍රන්ථ පිරිනැමිණ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විනිසුරු කමිටු ප්‍රධානී දීපාල් මදුරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණු මෙම ග්‍රන්ථ බෙදා දීමේ අවස්ථාව සඳහා විනිසුරු කමිටු ලේකම් වසන්තලාල් ප්‍රනාන්දු, දේශීය ක්‍රිකට් මෙහෙයුම් ඒකක ප්‍රධානී චින්තක එදිරිමාන්න, විනිසුරු කමිටු සාමාජිකයින් වන මොහොමඞ් සිද්දික් සහ මනුජ කාරියප්පෙරුම යන මහත්වරු සහභාගි වූහ.

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි

- 036

 


අදහස් (0)

ක්‍රිකට් නිති සංග්‍රහය විනිසුරුවරුන් අතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.