Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
----------------------------
රොෂාන් ගුණරත්න
---------------------------
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර්සමාජ කාන්තා සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩිකාවෝ සමත්වුහ. ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට අනුශූරතාවයෙන් සෑහිමට පත්වීමට සිදුවූහ.
තරග 7 කට සහභාගිවී තරග 7 ම ජයගත් නාවික හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු 33 ක් හිමිකර ගනිමින් අපරාජිතව ශූරතාව දිනා ගැනීමට සමත්වූ අතර තියුණු තරගයක් ලබාදුන් ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම තරග 7කට සහභාගිවී තරගය 6 ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 29 ක් හිමිකර ගැනීමට සමත්විය.
ලීග් ක්‍රමය යටතේ පැවැති මෙම තරගාවලියේදී එක් කණ්ඩායමක් සෙසු කණ්ඩායම් 7 සමගින් තරග වැදුණු අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කණ්ඩායමට ශූරතාව හිමිවිය.
තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගිවූ අතර ගුවන් හමුදාව සහ යුදහමුදාව ‘ඒ’ සහ ‘බී’ ලෙස කණ්ඩායම් දෙක බැගින් තරගාවලිය නියෝජනය කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.